අසනීපෙන් කියලා නැහැ ඉතිං පුලුවන් වෙලාවට ගෙදර ඉන්න ගමන් කරඬු දෙකත් සැරසුවා. තව ටික දවසකින් ඉවරයි… මේ දවස් ටිකේ ලහිරු මල්ලි ගොඩක් වැඩ අවසන් කලා…
තවම අපි මේ කරඬුන් වහන්සේලා පූජා කරන්න පන්සල් තෝරාගෙන අවසන් නැහැ. දැනට ඉත්තෑකන්ද සහ දියතලාව පන්සල් දෙකක් පිළිබඳව අප අවධානය යොමුකොට තිබෙනවා. පිංකම සංවිධානයට ඔබේ සහය ලැබෙනවානම් ඔබගේ පන්සලට මේ කරඬු වලින් එකක් පූජා කරන්න අප සූදානම්.
අවශ්‍යතාවය ඇති පන්සල් ගැන ඔබ දන්නේ නම් අපට දැනුම් දෙන්න. අපේ කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමෙන් පසු අපි ඔබට ප්‍රතිචාර දක්වන්නම්







