අම්මත් දවස පුරා මේ වගේ Cervical Collar එකක් දාගෙන ඉන්නේ… අම්මගෙත් ඔලුවට පොල් ගෙඩියක් වැටිලා අසනීපෙන් ඉන්නේ… කොච්චර අසනීප තිබුණත් දරුවෙක්ට මොනවහරි වුනහම ඒ අම්මලා ඒ අයගේ වේදනාව ගැන හිතන්නේ නැහැ. අපිට සාත්තු සප්පායම් කරනවා…
මේ ටිකේ මම දවසේ වැඩි හරියක් ඇඳට වෙලා නිදාගන්නවා. උදේනම් බෙහෙත් ගේන්න ගියා. පුලුවන් වෙලාවට පෝස්ට් ලියනවා. දවස් 365න් 300ක් විතර ගම්වල ඇවිදින මට කාමරේකට වෙලා ඉන්නවා කියන එක එපාවෙන වැඩක්…
මේ දවස් වල ඉතිං ෆොටෝ ශූට් කරන ඒවත් කාමරේම තමයි.







