දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා

by | Jan 5, 2017 | Ashirwadha, Travel | 0 comments

දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා
අද දින මා විසින් ඓතිහාසික සෙංකඩගල පුරයෙහි වැඩ සිටින්නා වූ උතුම් වූ ශ්රී දළදා සමිඳුන් සුදු නෙළුම් මලින් පුදන ලද්දාවූ පිනෙන් පියෙකු මෙන් මා රැක බලා ගන්නාවූ මගේ අයියාගේ (අප්පුච්චාගේ) සියලු කාය චිත්ත පීඩා දියෙහි ඇඳි ඉරක් සේ පහව යේවා…
ආයු සැප බල ප්රඥා තව තවත් වර්ධනය වේවා… තබන තබන පියවරක් පාසා සිතන පතන සිතුවිල්ලක් පාසා ත්රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා…
ජීවමානව වැඩ වසන්නා වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ වාම ශ්රී දන්ත ධාතූන් වහන්සේගේ ආනුභාව බලයෙන් ජීවිතය සෞභාග්යමත් වේවා…
සියළු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා…
ව්යාපෘති බෝහෝමයක් කරමින් සිටි ඉතා කාර්යබහුල දිනයක් වූවත් මගේ අයියාගේ උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද ලබා ගන්නට මහනුවර ශ්රි දළදා සමිඳුන් අබියසට පැමිණියේ සැබැවින්ම ඔබ මට මගේ ජීවිතයේ වටිනාම වස්තුව නිසයි…
සුභ උපන්දිනයක් අප්පුච්චා….
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments