වැඩ කරලා ඉවර වෙලා, කාලත් ඉවර වෙලා ඊට පස්සේ නාගන්න ගිය. තරු පෙණුනේ ඉතිං නානකොට. හොඳ වෙලාවට ළිඳක් නොවුනේ. නැත්නම් වතුර අදින්නත් වෙනවනේ.
දැන් ඉතිං බැනහල්ලා නාන එකත් දානවා කියලා. අනේ ඉතිං මට වෙන කොල්ලො දානවා වගේ සෙට් පිටින් ට්රිප් ගිහින් වැව් වල නාලා ෆොටෝ දාන්න බෑ. “අනික වැව් වලින් නානවද මං, මෙහෙ වැව් නෑ – තිබ්බත් නාන්නේ නෑ” – AIA insurance Advertisement එකක් නොවේ….
එකක් මට යාලුවෝ නෑ, ඊටත් වඩා පීනන්න බෑ. බාල්දියෙන් හෝ හිල්පොල්කට්ටෙන් නාන ඒවා තමයි මට දාන්න වෙන්නේ…. ගල් උඩ බෝතල් තියලා සෙට් එකත් එක්ක නාලා සෙල්ෆි නොදැම්මට අවුලක් නෑ. මෙහෙම එකක් හරි දාන්න පුලුවන්නේ. හික්ස්… සික්ස් පැක් නැති නිසා කටු ටික දැකලා කෙල්ලෝ කීයක් මාව දාලා යයිද දන්නේ නැහැ. බඩත් ඇවිත් දැන්නම්. කමක් නෑ කටු ටිකට වඩා බඩ වටිනවා… විනාඩි 10න් නාගෙන ගෙට ආවේ අද උදෑසන ව්යාපෘතිය 2-3ක කට්ටිය මං නතරවෙලා ඉන්න ගෙදරට එන්න පටන් ගත්ත නිසා.







