කාලෙකින් බල්ලෝ දෙන්න ගේ ඇතුලට දාලා එළියට ආවා

by | Mar 31, 2019 | Life | 0 comments

කාලෙකින් බල්ලෝ දෙන්න ගේ ඇතුලට දාලා එළියට ආවා

ගෙදර අලුතින් පොඩි හට් එකක් ගහලා අක්කගේ වාහනේ දාන්න…
වත්ත සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා එළවලු හදලා.
මල් පිපිච්ච රතු අරලිය ගහක් ගෙදර තිබිලා. අවුරුදු 5-6ක්ලු ඒකට දැන්.
වත්ත වටේට බැම්මක් බැඳලා…
ගමේ 7-8 දෙනෙක් නැතිවෙලා…
අල්ලපු ගෙදර ගෑණු ළමයා බැඳලා දැන් මොන්ටිසෝරි යන ළමයිනුත් ඉන්නවලු…
කාමරෙන් එළියේ තිබ්බ පිනි ජම්බු ගහ කපලා…
ගමේ පාරට බස් එකක් දාලලු.
අගමැති කවුද, ජනාධිපති කවුද, රට පාලනය කරන්නේ කවුද කියලා කිසි අදහසක් නැහැ.

ඔන්න ඉතිං වටපිටාව ගැන තියෙන මගේ උනන්දුව….

මට මොකෝ ඉතිං, ෆොටෝ ටිකක් අරන් ආපහු ගෙට ආවා ෆේස්බුක් දාන්න. මගේ පාඩුවේ මං ෆේස්බුක් එකේ ජීවත් වෙනවා…

එළියට බහින්න එපා කියලා අම්මා කීවා. මේ පාර අවුරුදු කුමාරයට මං ඉදිරිපත් වෙයි කියලා ගමේ අනික් කොල්ලෝ බයෙන්ලු ඉන්නේ… ඒක නිසා ගෙට වෙලාම ඉන්නවා…

සැ. යු : හුදෙක් විනෝදය පිණිස පළකරන ලද්දකි. ෆේස්බුක් ඉන්න අය අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගෙන දැඟලීමෙන් වළකින්න.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments