අද උදෑසන මම නැගිටින විට මාගේ කොන්ද සහ බෙල්ල උළුක් වී තිබුණි. දත් මැද්දේ, ඇඳුම් ඇන්දේ, කෑම කෑවේ පවා අපහසුවෙනි. වේදනාවට ඇස්වලින් හෝ ගාලා කඳුළු කඩා වැටුනා. අද දවසේ මගේ ටාගට් එක වුණේ පවුල් 50කට උදව් කිරීමයි. නමුත් මේ අසනීපෙත් එක්ක කාර් එකට නැග්ගේද අපහසුවෙනි.
උදේ වරුවේ කැබිතිගොල්ලෑව, තල්ගහවෙල ගමේ පවුල් සොයා මා ගියේ ඉතාමත් වේදනාවෙනි. පළවෙනියටම ගියේ ආච්චි අම්මා කෙනෙක් ඉන්න ගෙදරකටය. මා අපහසුවෙන් වුනත් පහත් වී ආච්චි අම්මාට වැන්දා. ආච්චි අම්මා මයෙ අප්පච්චි බුදු වෙන්න ඕන, නිදුක් නීරෝගී වෙන්න ඕන කියලා මගේ ඔළුව සහ පිට අතගෑවා. ඇත්තෙන්ම මට ඒ මොහොතේම සුවයක් දැනුනා. ඒ විදිහට දහවල් 1 වනවිට ආච්චිලා සීයලා 24 දෙනෙක් ලඟ දණ ගහලා වැන්දා. පවුල් 59කට උදව් කලා. ඒ අම්මලා තාත්තලාගේ ආශිර්වාදයෙන් මා සුව වුණා.
දහවල් ආහාරයෙන් පසු විනාඩි 15කට නැවත නතරවී සිටි හෝටලයට ගොස් නාලා ඇඳුම් මාරු කරගෙන බෙහෙත් බීලා ආයෙත් කැබිතිගොල්ලෑව කහටගොල්ලෑව ගමට යන්න පිටත් වුණා අඩුම තරමින් සවස් වන විට තවත් ගෙවල් 40-50කට උදව් කිරීමේ අරමුණින්.
අම්මේ තාත්තේ ඔබට පිං…
ඔබේ ආශිර්වාද නිසා මා සුව වුණා…







