අම්මලා තාත්තලා එක්ක වන්දනා ගමනක් 6 | Day 02 උදෑසන (ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීම)

by | Sep 24, 2018 | Project | 0 comments

අම්මලා තාත්තලා එක්ක වන්දනා ගමනක් 6 | Day 02 උදෑසන (ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීම)
ඊයේ උදෑසන අපි ස්වර්ණමාලී චෛත්යය රාජයානන් වන්දනාමාන කිරීමෙන් පසු ශ්රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට අම්මලා තාත්තලාව එක්ක ගියා. ශ්රීමහා බෝධීන් වහන්සේට පූජා කිරීමටද අම්මලා පාන්දරම කිරිපිඬු සූදානම් කරගෙන තිබුණා. අම්මලා තාත්තලා ශ්රී මහා බෝධිය වෙත ඇවිදගෙන ආවේද දොහොත් මුදුන් තබා ඉතිපිසෝ ගාථාව කියමින්. සමහර අම්මලා ශ්රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්නට ආවේ ජීවිතයේ ප්රථම වතාවට. ඖෂධ, සමන්පිච්ච මල් සහිත කොට්ට, විසිතුරු මල් ආදියද අම්මලා රැගෙන ආවා.
මල්, පහන්, සුවඳ ඳුම් පූජා කර අම්මලා තාත්තලා ශ්රී මහා බෝධීය අභියස වාඩිවී වන්දනා කලා.
බොහෝ දුර පයින් ඇවිද්ද නිසා සහ දින දෙකක් නිදි වැරූ නිසා මාගේ අසනීප තත්වය උග්ර වුණා. කිරි ආහාර පූජාවෙන් පසු මා නැවත වාහනය බලා තනිවම ආවේ අයියාටත්, එරංගි නංගීටත් වන්දනා ගමනේ ඉතිං වැඩකටයුතු වල වගකීම සම්පූර්ණයෙන්ම භාර දෙමින්. මේ මොහොතේ පටන් මා වන්දනා ගමනේ ඡායාරූප වල නොමැති බව කරුණාවෙන් සළකන්න.

මීට වසර 20 කට පෙර මිය පරලොව යන්නට යෙදුනාවූ ජයන්ත ප්රනාන්දු මහතාගේ සෙනෙහෙබර බිරිඳ වන චන්ද්රිකා ප්රනාන්දු මහත්මියත්

Mekala Sankapali Fernando

දියණියත් පණ්ඩුක ප්රනාන්දු වන පුතණුවනුත් ඉමිහිරි පෙරේරා වන බෑණනුවන් හා තෙහාන් පෙරේරා මුණුබුරා යන සියළුම දෙනා එකට එක්ව ප්රනාන්දු මහතාට පිං පැමිණවීම උදෙසා මෙම පිංකම සිදු කරන ලදි.

මේ පිංකමේ ආනුභාවයෙන් ප්රනාන්දු මහතා යම් ආත්මභාවයක් ලබා ඇත්නම් ඒ ජීවිතයද ආලෝකමත් වේවා…. සැපයෙන් සැපයට පත් වේවා… ධර්මයේ සුවය පිහිට නිරතුරුවම ලැබීමටත් ඒ තුළින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටත් මේ කුසලය ආශිර්වාදයක්ම වේවා… මොනයම් හෝ හේතුවක් නිසාවෙන් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් වහා ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලබා අනේක පින් රැස් කොට උතුම් නිර්වාණාවබෝධය ලැබීමට හැකියාව ලැබේවා…
එමෙන්ම මෙම උතුම් පුණ්යකර්මය සඳහා ඒකරාශී වූ ජයන්ත ප්රනාන්දු මහතාගේ සෙනෙහෙබර භාර්යාවටත්, දියණියත්, පුතණුවන් බෑණනුවන් හා මුණුබුරා හටත් මේ සිදු කරගත්තාවූ කුසලානිසංසයේ බලයෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් උදා වේවා…. ලෙඩ දුක් රෝග පීඩා කිසිවක් නොම වේවා… කරන කියන සිතන පතන සෑම කටයුත්තක්ම ඒ අයුරින්ම ඉටු වේවා… රැකී රක්ෂා මෙන්ම අධ්යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්ම සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා…. තව බොහෝ පින් දහම් සිදු කරමින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටද ඔබ සියළු දෙනාටම හැකියාව ලැබේවා…
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments