‘‘අනේ ඔයා අද යනවද, මට පාළු හිතෙයි එතකොට”

by | Apr 3, 2013 | Stories | 0 comments

‘‘අනේ ඔයා අද යනවද, මට පාළු හිතෙයි එතකොට”

ඔයාලට මතකද මම මීට මාස ගණනකට කලින් කීවා මගේ හොඳම යාළුවා ගැන… ? අර රසට සැන්විච් හදන්නේ… මං දන්නේ නෑ මේ හොඳම යාළුවන්ට මෙච්චර රසට සැන්විච් හදන්න පුළුවන් කොහොමද කියලා, මගේ තවත් හොඳම….. යාළුවෙක් ඉන්නවා ඒ වගේම රසට සැන්විච් හදන….
මං මෙච්චර කාලයක් හිතාගෙන හිදියේ මේ ලෝකේ ඉන්නේ එක හොඳම යාළුවයි කියලා… නෑ මට වැරදුනා… එහෙම අය අපේ ජීවිතයේ තවත් ඉන්නවා, අපි හරියට අඳුරගෙන නැති…

මේ කියන්න යන්නෙත් එහෙම යාළුවෙක් ගැන… මං දැන් ටික දවසක ඉඳන් යාළුවෙක්ගේ ගෙදර ඉඳන් ප්‍රොජෙක්ට් එකක වැඩක් කරනවා… ඒ ගෙදර ඒ යාළුවට අමතරව තවත් එයාගේ යාළුවෙක් ඉන්නවා…

එයා මගෙත් යාළුවෙක්. ඒත් මේ ටිකේ අපි ගොඩක් සමීප වුණා. එකට ගමන් ගියා, කෑවා, බීවා, ෆිල්ම් බැලුවා, පිස්සු විකාර කලා, කෑම හැදුවා (මම නෙමේ එයා), ඇඩුවා, හිනාවුණා… හරිම රසවත් මේ දවස් ටික. එයා හදන සැන්විච් ඊටත් වඩා රසවත්… මං හදන විදිහ ලගදීම පේජ් එකේ දාන්නම්. එයා පාවිච්චි කරන්නේ ජාති 3යි, පිස්සු හැදෙන සැන්විච් පිගානක්ම මට ගෙනත් දෙනවා… මං ඔක්කොම කනවා එයාටවත් නොදී…

ඉතිං දවස් ගාණක් වැඩ කරලා අද මං උදේ වැඩට යනවා අද එන්නේ නැහැ කියලා එයාට කීවා… එතකොට එයා කීවා ‘‘අනේ ඔයා අද යනවද, මට පාළු හිතෙයි එතකොට කියලා…’’ මට මාර දුකක්, සතුටක් වගේම ආදරයක් ඇතිවුනේ… දුක ඇතිවුනේ දාලා යන්න වෙන එකට, සතුට ඇතිවුනේ මේ වගේ මං ගැන හිතන, මං නැති පාළුව දැනෙන යාළුවෙක් ඉන්න එකට, ආදරයක් ඇතිවුනේ මේ වගේ සහෝදරත්වයක් මට පෙන්වන එකට…
කොහොමහරි මං අද එහෙ ආවා ආපහු… ඔන්න එයා ආවා දැන් වාහනෙන්… පවු වැඩ කරලා මහන්සි වෙලා එන්නේ.. ඒත් දැන් එයා ආපු ගමන්ම මට රස සැන්විච් පිගානක් හදලා දෙනවා කීවා…

මේ උපහාරය ඔබගේ ලෙංගතුකමටයි…
මං ආදරෙයි අහස තරම්…

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments