Tripmo. Anuradapura වෙබ් අඩවිය නිර්මාණය (SamajaSathkara.lk තාක්ෂණික අංශයේ තවත් එක් සමාජසත්කාරයක්)

by | Sep 10, 2018 | Working | 0 comments

Tripmo. Anuradapura වෙබ් අඩවිය නිර්මාණය (SamajaSathkara.lk තාක්ෂණික අංශයේ තවත් එක් සමාජසත්කාරයක්)

“ලොකු උනත්, පොඩි උනත් හැම විටම හැම ගමනක්ම වැදගත්” නිසා ඔන්න අද දවසේ උදේ වරුව මම ගත කලේ තවත් කළ්‍යාණ මිත්‍රයෙක් වෙනුවෙන් මගේ දැනුමෙන් සත්කාරයක් කරලා.

මේ ටිකේ අසනීප තත්වය නිසා, ඇවිදින්න යන්න බැරි නිසා ඇඳටම වෙලා ගත කරන කාලය අර්ථවත්ව ගත කලේ මෙහෙමයි.

හදිසියට ගමනක් යන්න, වැඩ ඇරිල ගෙදර යන්න, බස් එකෙන් බැහැල ඉර වදින්න කලින් වැඩට යන්න, ටැක්සියක් ඕන උනත්, ගාණ සැර නිසා දාඩිය පෙරාගෙන පයින් දුවන්න ඕනෙ නෑ දැන්. පොඩි ගානකට ලොකු දුරක් යන්න… Tripmo සේවාව අගෝස්තු 14 වෙනිදා සිට අනුරාධපුර ඉන්න යාලුවන්ටත් අත් විඳින්න පුලුවන්.

Tripmo – Anuradapura භාරව කටයුතු කරන්නේ මගේ කළ්‍යාණ මිත්‍රයෙක් වෙන Lahiru Chamara Wijesundara මිතුරා. ලහිරු SamajaSathkara.lk වෙනුවෙන් ලොකු සේවාවක් කල කෙනෙක්. ඔයාලා දන්නවනේ සමාජසත්කාර වලට Pay & Go Kiosk ඔස්සේ ආධාර ලබාදෙන සේවාව ලබාගන්න මට උදව් කලේ ලහිරු. සමාජසත්කාර Bizsupport 2.0 ව්‍යාපෘතිය එහෙමත් නැතිනම් MegaPay බිල්පත් ගෙවීමේ සේවාව ඔබට හඳුන්වා දෙන්නත් ඔහු උදව් කලා. ඉතිං ඒ වෙනුවෙන් කළගුණ සැලකීමක් වෙනුවෙනුයි මම ඔහුගේ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් Tripmo. Anuradapura වෙබ් අඩවිය නිර්මාණය කරලා දෙන්න හිතුවේ. ලඟදීම ඔයාලටත් මේ සේවාව පිළිබඳව වැඩි විස්තර මේ වෙබ් අඩවිය Launch කලහම දැනගන්න පුලුවන්. පහසුවෙන් ගමනක් යන්න විතරක් නෙමේ අනුරාධපුර ඉන්න ඔබගේ ත්‍රීරෝද රථය, මෝටර් රථය tripmo සමග ලියාපදිංචි කරවාගෙන ඉහල ආදායමක් උපයන්නත් ඔබට පුලුවන්….

අනුරාධපුර යාලුවොත් පුරුදුවෙන්න tripmo එකෙන් හයර් යන්න. ගාණ අඩුවෙන හැටි අත්විදින්න, අඩුම මිලට ටැක්සියකින් හයර් එකක් යන්න පුලුවන් Tripmo. වෙතින් විතරයි.

දැන් Tripmo තමයි Trend එක…

No matter how big or small a journey is… it will always matter

සැ.යු : මාගේ ජීවනෝපාය වන්නේ මාගේ පෞද්ගලික වෙබ් අඩවි සහ මෘදුකාංග සංවර්ධන ආයතනය හරහා සිදුකරන නිර්මාණ අලෙවිය වන අතර ලහිරු වසර ගණනාවක සිට මාගේ කල්‍යාණ මිතුරෙක් වන නිසාත් ඔහු මා වෙනුවෙන් සිදුකල උපකාර ඇගෙයීම උදෙසාත් ඔහුගේ වෙබ් අඩවිය නොමිළයේ නිර්මාණය කර දෙන ලදි.

ඔබටත් වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයි නම් 0703366488 ඔස්සේ මා හට ඇමතුමක් ලබාදෙන්න. නොඑසේනම් m.me/Daneshmaduranga

ඔස්සේ චැට් පණිවිඩයක් එවන්න.

සමාජ සේවා සිදුකරන ඔබ වෙනුවෙන් සහ සමාජ ව්‍යවසායකයින් උදෙසා වෙබ් අඩවි නිර්මාණයට 75%ක වට්ටමක් 2018 සැප්තැම්බර් මාසයේදී ලබාදීමට බලාපොරොත්තු වේ.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments