The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP Awards – 2017 | RECOGNIZING NATION’S TOP CONTRIBUTORS (Part 09)

by | Dec 18, 2017 | Awards | 0 comments

The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP Awards – 2017 | RECOGNIZING NATION’S TOP CONTRIBUTORS (Part 09)

SamajaSathkara.lk හා එක්වූ ෆේස්බුක් මිතුරු මිතුරියනි ඔබටයි මේ උපහාරය….

මේ මගේ පමණක්ම නොව ඔබේත් කතාවයි…

ලොව පුරා රටවල් බොහෝමයක වසරක් පාසාම ක්‍රියාත්මක වන TOYP – Ten Outstanding Young Persons සම්මාන ප්‍රධානෝත්සවය මෙම වසරේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතමයන් ඇගයීම උදෙසා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළදී උත්කර්ෂවත් ලෙස පැවැත්වූවා. එහි මූලික පරමාර්ථය වුයේ සෑම රටක් තුළම සිටින විවිධ වූ අංශ යටතේ තම රට වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරක් කළ විශිෂ්ඨතම තරුණයන් දස දෙනෙක් ඇගයීමට ලක් කිරීමයි.

එහිදී “මානුෂීය සහ ස්වේච්ඡා සේවය” යන කාණ්ඩය යටතේ “2017 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම තරුණ මානුෂීය සහ ස්වේච්ඡා සේවකයා” වශයෙන් මා තේරි පත් උනා. මා සම්මානයට පාත්‍ර වන මොහොතේ මා වටා පවුලේ හැම කෙනෙක්ම අසළින්ම සිටියත් එක්වරම සිහි වූයේ මගේ පියාණන් සහ ෆේස්බුක් මිතුරු මිතුරියන් වන ඔබ සියළු දෙනාවයි. මේ ගමන් මගේ මා හා එක්ව ගමන් කළ ඔබ හැම කෙනෙක් පිළිබඳවම අපමණ වූ සෙනෙහසක් සිතට නැගුණේ සතුටු කඳුළුද සමඟමයි.

වසර 11 ක් මුළුල්ලේ මා ගම් නියම් ගම් පාසා, කටු කොහොළින් පිරි මං මාවත් ඔස්සේ, දිවා රෑ නොබලා, කුසට අහරක් නොමැතිව, ඝන කැලෑ මැද මෙන්ම ඇතැම් විට දුෂ්කර කඳුකර මාර්ග ඔස්සේ තරණය කරමින්ද, දෑත් සොලවන්නටවත් බැරි වෙන තෙක් විවිධ ද්‍රව්‍ය ඔසවාගෙනද ගිය ඒ අති දුෂ්කර නමුත් සොඳුරු ගමනේ පසුපසින් හිඳ සවිය දුන්නේ ඔබයි. ගමක් ගමක් පාසා යන විට උපකාර අවැසි පිරිස බොහෝමයි. දකින දකින පැල්පතක් ගානේ කුසගින්නේ දැවෙන මිනිසුන්මයි. කොහොම අහක බලන්නද මේ අසරණකම් හැබැහින්ම දැක දැක. එවන් මොහොතවල් වලදී ඔබේ සහය වෙනුවෙන් මේ දුක්බර ජීවිත වල සැබෑ තත්වය ෆෙස්බුක්හි පළ කළ මොහොතේම ඊට මූල්‍ය දායකත්වය මෙන්ම ඇතැම් විට ශ්‍රම දායකත්වයද දක්වන ඔබ හැම කෙනෙක්ටම මේ ලැබූ සම්මානයේ ගෞරවය හිමි වෙනවා. මේ ජයග්‍රහණය මගේ නොව ඔබේමයි. මෙයට උර දුන්නේ ඔබ හැමෝමයි.

SamajaSathkara.lk පිළිබඳ මනා අවබෝධයෙන් තොර හැමෝම මෙය පෞද්ගලිකව සිදු කරන තවත් එක් ක්‍රියාවක් පමණක්ම යැයි සිතා සිටිනවා. නමුත් ඔබ හැමෝම මෙන්ම මෑතකදී අප හා එක්වූ බොහෝ දෙනෙකු නොදන්නා කරුණ නම් මා මුල් කාලයේ මාගේ පියාණන් වන බී.එච්. එදිරිසූරිය හා එක්ව තනිව අසරණ මිනිසුන් වෙනුවෙන් මෙන්ම මගේ ගම වෙනුවෙන් බොහෝ සේවාවන් සිදුකළා. මෙයට එදා පටන්ම මගේ සොයුරියන් දෙදෙනාගේත් ආදරණීය සහෝදරයාගේත් සහයෝගය නිරතුරුවම ලැබුණා.

2006 වර්ශයේ සිට 2012 වර්ශය දක්වා මාගේ පෞද්ගලික ධනයෙන් මිනිස්සුන්ට උදව් කල මා 2013 වර්ශයේ හිතට ආ පුංචි සිතුවිල්ලක් නිසා SamajaSathkara.lk පදනම බිහිවුණා. අද වෙන කොට ශ‍්‍රී ලංකාව පුරා 40,000 ආසන්න අසරණ මිනිසුන් ප‍්‍රමාණයක් මේ නිසා ප‍්‍රතිලාභ ලබා තිබෙනවා. සෙනෙහසේ වාහනය පවා මා හට පරිත්‍යාග කිරීමට පෙරාතුව මා ආධාර සියල්ල රැගෙන බස් රථ වල ගමන් කරමින් කළ සේවාව ඇතැම්විට ඔබ නොදන්නවා විය හැක. ඔබ කිසිදා දැක තිබේද ආධාර රැගෙන බස් රථ වල තනිව යමින් මිනිසුන්ට පිහිට වන තරුණයෙක්. එම කැපකිරීම ඔස්සේ මා හා එක්වූ ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේද සහය ඇතිව අද වනවිට ලංකාව පුරා සංචාරය කරමින් මෙසේ මෙම සේවාව වඩ වඩාත් ව්‍යාප්ත කිරීමට මා හට හැකි උනා.

එමෙන්ම ෆේස්බුක් භාවිතා කරන දායක දායිකාවන් වන ඔබ සැමත් ෆේස්බුක් හි ගෙවන කාලය නිකරුණේ නාස්ති නොකර මාගේ මෙම උතුම් කටයුත්ත හා එක්ව සිදු කරන පරිත්‍යාගයන් මෙන්ම ශ්‍රම දායකත්වයන් හේතුවෙන් අද වන විට ෆේස්බුක් ඔස්සේ ක්‍රියාත්මක වන ශ්‍රි ලංකාවේ විශාලතම සමාජ සේවා පදනම බවට SamajaSathkara.lk පත්වී තිබෙනවා. තනිව ආ මඟට එක් උන ඔබ හැම කෙනෙකුගේම වචනයකින් පවා ලැබුණ සහයෝගය බොහෝ සේ වටිනවා. නිබඳවම සමාජසත්කාර හා රැඳෙමින් සහය දුන් ඔබ සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිනවා.

මෙය SamajaSathkara.lk පදනම පමණක් හෝ මා පමණක් හෝ ලද ජයග්‍රහණයක් නොවේ. සමස්ථ දායක දායිකාවන්ගේත්, ඔබේ නොමසුරු පරිත්‍යාගයන් හමුවේ ජීවිතය දිනූ අසරණ මිනිසුන්ගේත් තවත් වටිනා ජයග්‍රහණයක්. මෙය තව බොහෝ පිරිසකට උපකාර කරන්නට ලද තවත් එක් සුවිශේෂී මෙන්ම ඉතා වටිනා අවස්ථාවක්ද විය හැක.

මා බොහෝ වේදිකාවන් මතට නැග ඇත. බොහෝ පිරිස් ඉදිරියේ ඇගයීමට ලක් වී ඇත. සම්මාන දිනා ඇත. මේ සියල්ල සිදුකළ මා හට මුල් පියවර තබන්නට කියාදුන් මගේ ආදරණීය පියාණන් අද මා අසළ නැහැ. ඔබේම දෙනෙතින් මා දිනන හැටි බලන්නට ඔබ සිටියා නම් නිසැකවම ඔබ තරම් ආඩම්බර වන ඔබ තරම් සතුටු වන තවත් කිසිවෙක් නැති වේවි. කොතැනක සිටියද කම් නැත, මා මේතාක් සිදුකළා වූ සියළුම කුසලයන් මාගේ දයාබර පියාණන් හට අනුමෝදන් වේවා… සැපවත් වූ පින්වන්ත වූ ආත්මභාවයක් ලැබීමටත් උතුම් වූ නිවන් සුව අත්විඳීමටත් ඒ සියළු කුසල් හේතු වේවා….

ඔබ ළඟ නැති අඩුව නිබඳවම පිරවූ සෙනෙහෙබර මගේ අම්මාටත් මේ සියළු කුසලයන්ගේ බලයෙන් නිදුක් නීරෝගී සුවය මෙන්ම දීර්ඝායුෂ ද ලැබේවා…

මූල්‍යමය මෙන්ම ද්‍රව්‍යමය වශයෙන්ද ශ්‍රම දායකත්වයෙන් ද සමාජසත්කාර හා බැඳි ඔබ සැමත්, අප විසින් සිදුකරන පින්කම් දැක බලා සතුටු වන ඔබ සැමටත්, වචනයකින් පවා මා හට දිරිය දෙන සැමටත් හෘදයාංගම ස්තූතිය මෙන්ම ගෞරවයද පුද කර සිටිමි.

අනාගතයේ යම් දිනෙක මෙම සේවාව ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමකට ලක් කිරීම උදෙසා ඔබ සැමගේම සහයෝගය ලැබෙනු ඇතැයි මා අපේක්ෂා කරමි.

වැඩි දුරටත්…

TOYP Award Categories :

The Ten Outstanding Young Persons Of SRI Lanka – TOYP Awards – 2017

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණයන් දස දෙනා

01. ව්‍යාපාර සහ ව්‍යවසාය නිපුණතා
02. ලෝක සාමය සඳහා දායකත්වය
03. කලාව සඳහා දැක්වූ දායකත්වය
04. ජනමාධය සඳහා දැක්වූ දායකත්වය
05. ජනමාධ්‍ය , ගවේෂණාත්මක වාර්තාකරණය සඳහා දැක්වූ දායකත්වය
06. පෞරුෂත්ව සහ පාරිසරික නායකත්වය
07. පෞරුෂත්ව සංවර්ධනය සහ නිපුණතා
08. මානුෂීය සහ ස්වේච්ජා සේවය (Danesh Edirisooriya)
09. වෛද්‍ය පර්යේෂණ
10. විද්‍යාත්මක සහ තාක්ෂණ සංවර්ධන

History of TOYP :

ජූනියර් චේම්බර් ඉන්ටර්නැෂනල් සංවිධානය (Junior Chamber International)මගින් වාර්ෂික ව මේ සම්මානය පිරිනමනු ලබයි. 1910 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ මිසුරි නගරයේ දී කුඩා කණ්ඩායමක් විසින් ආරම්භ කරන ලද මේ ක්‍රියාවලිය විධිමත් ව සහ සංවිධානගත ව ස්ථාපිත කරන ලද්දේ 1944 වර්ෂයේ දී මෙක්සිකෝවේ දී ය. මේ සංවිධානය අද වනවිට රටවල් 115 ක් පුරා ව්‍යාප්ත වී ඇත. අවුරුදු 18-40 වයස් කාණ්ඩයේ සාමාජිකයන් 250,000 ක් මේ වටා එක්ව සිටින අතර, තරුණ පරපුරේ හැකියා ප්‍රවර්ධනය, සමාජ වගකීම්, නිර්මාණශීලීත්වය වැනි ක්ෂේත්‍ර ඔස්සේ ඔවුහු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරති.

1954 වසරේ දී ශ්‍රී ලංකා ජූනියර් චේම්බර් ඉන්ටර්නැෂනල් සංවිධානය (Junior Chamber International Sri Lanka) ආරම්භ කර ඇත. 1980 වසරේ සිට ලංකාවේ ‘සමාජයේ ප්‍රගමනයට වසරේ වැඩි ම බලපෑමක් කළ තරුණයන් දස දෙනා (The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP) සම්මානය පිරිනමනු ලබයි.
1980 දී නාට්‍ය ක්ෂේත්‍රය යටතේ රිචඞ් ද සොයිසා ද, 1981 දී සිනමා ක්ෂේත්‍රය යටතේ මාලනී ෆොන්සේකා, ක්‍රීඩා ක්ෂේත්‍ර යටතේ බන්දුල වර්ණපුර, ජනමාධ්‍ය ක්ෂේත්‍රය යටතේ සිංහ රත්නතුංග ද, 1982 වසරේ දී සිනමා ක්ෂේත්‍රය යටතේ ගිවන්ත අර්ථසාද් ද, 1983-1984 වර්ෂ වලදී ක්‍රීඩා ක්ෂේත්‍රය යටතේ ජූලියන් බෝලින්ග් ද, 1985-1986 වසර වලදී ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් අර්ජුන රණතුංග, නීතිය ක්ෂේත්‍රයෙන් රොමේෂ් ද සිල්වා ද, 1987 වසරේ දී ජනමාධ්‍ය ක්ෂේත්‍රය යටතේ ආචාර්ය ජෙහාන් පෙරේරා, සංස්කෘතික ක්ෂේත්‍රය යටතේ ආචාර්ය සුනිල් ආරියරත්න, ක්‍රීඩා ක්ෂේත්‍රය යටතේ බ්‍රෙන්ඩන් කුරුප්පු ද, 1993 වසරේ දී පාරිසරික නායකත්වය ක්ෂේත්‍රය යටතේ නලින් ලද්දුවහෙට්ටි, කලාව සහ සංස්කෘතිය ක්ෂේත්‍රය යටතේ සබීතා පෙරේරා ද, 1997 වසරේ දී පෞරුෂත්ව වර්ධනය ක්ෂේත්‍රය යටතේ සනත් ජයසූරිය ද, 1998 වසරේ දී පෞරුෂත්ව වර්ධනය ක්ෂේත්‍රය යටතේ මුත්තයියා මුරලිදරන් ද, 1999 වසරේ දී ක්‍රීඩා ක්ෂේත්‍රය යටතේ රංජන් මඩුගල්ලේ ද, 2000 වසරේ දී පෞරුෂත්ව වර්ධනය යටතේ සුසන්තිකා ජයසිංහ ද, 2002 දී කලාව සහ සංස්කෘතිය ක්ෂේත්‍රය යටතේ භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් ද, 2003 වසරේ දී ව්‍යාපාර නිපුණතා ක්ෂේත්‍රය යටතේ කිෂූ ගෝමස් ද, 2004 වසරේ දී ජනමාධ්‍ය ක්ෂේත්‍රය යටතේ කිංස්ලි රත්නායක ද, 2006 වසරේ දී ජනමාධ්‍ය ක්ෂේත්‍රය යටතේ තාරකා වාසලමුදලිආරච්චි ද, 2007 වසරේ දී ළමයින් සහ මානව හිමිකම් ක්ෂේත්‍රය යටතේ භවානි ෆොන්සේකා ද, 2008 වසරේ දී පෞරුෂත්ව නිපුණතා ක්ෂේත්‍රය යටතේ කුමාර් සංගක්කාර ද, 2010 දී පෞරුෂත්ව නිපුණතා ක්ෂේත්‍රය යටතේ මහේල ජයවර්ධන ද, 2014 දී පාරිසරික නායකත්වය ක්ෂේත්‍රය යටතේ මාලක රොඩ්‍රිගෝ ද, 2015 වසරේ දී ජනමාධ්‍ය ක්ෂේත්‍රය යටතේ තනූජා ජයවර්ධන ද ආදී වශයෙන් ජනප්‍රිය සහ සමාජයේ කැපී පෙනෙන ලෙස වගකීම් ඉටු කරන පිරිසක් මෙම සම්මාන ලබා ඇත.

JCI TOYP serves to formally recognize young people who excel in their chosen fields and create positive change. By recognizing these young people, JCI raises the status of socially responsible leaders in this world. The honorees motivate their peers to seek excellence and serve others. Their stories of discovery, determination and ingenuity inspire young people to be better leaders and create better societies.

Since 1980, JCI Sri Lanka has honored nearly 300 individuals from all around Sri Lanka. These winners were awarded with the Prestigious TOYP Award at the early stages of their career and they went on to achieve many more milestones in their professional life. The list of winners include the cream of the decision makers and top game changers in many areas of the country.
The honorees will be selected by an international panel of distinguished judges. Up to ten honorees will be selected from all nominations received, regardless of category entered.

​Categories

1. Business, economic and/or entrepreneurial accomplishment
2. Political, legal and/or governmental affairs
3. Academic leadership and/or accomplishment
4. Cultural achievement
5. Moral and/or environmental leadership
6. Contribution to children, world peace and/or human rights
7. Humanitarian and/or voluntary leadership
8. Scientific and/or technological development
9. Personal improvement and/or accomplishment
10. ​Medical innovation

~අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදි~

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments