The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP Awards – 2017 | RECOGNIZING NATION’S TOP CONTRIBUTORS (Part 02)

by | Dec 18, 2017 | Awards | 0 comments

The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP Awards – 2017 | RECOGNIZING NATION’S TOP CONTRIBUTORS (Part 02)

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණයන් දස දෙනා අතරට මානුෂීය සහ ස්වේච්ජා සේවය යටතේ මා තේරී පත්වූ බව සතුටින් දැනුම්දෙමි…

එම සම්මාන ප්‍රධානොත්සවය පසුගිය දෙසැම්බර් 16 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින.

වැඩි දුරටත්…

TOYP Award Categories :

The Ten Outstanding Young Persons Of SRI Lanka – TOYP Awards – 2017

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණයන් දස දෙනා

01. ව්‍යාපාර සහ ව්‍යවසාය නිපුණතා
02. ලෝක සාමය සඳහා දායකත්වය
03. කලාව සඳහා දැක්වූ දායකත්වය
04. සුසාර දිනාල් – ජනමාධය සඳහා දැක්වූ දායකත්වය
05. ජනමාධ්‍ය , ගවේෂණාත්මක වාර්තාකරණය සඳහා දැක්වූ දායකත්වය
06. පෞරුෂත්ව සහ පාරිසරික නායකත්වය
07. පෞරුෂත්ව සංවර්ධනය සහ නිපුණතා
08. මානුෂීය සහ ස්වේච්ජා සේවය (Danesh Edirisooriya)
09. වෛද්‍ය පර්යේෂණ
10. විද්‍යාත්මක සහ තාක්ෂණ සංවර්ධන

History of TOYP :

ජූනියර් චේම්බර් ඉන්ටර්නැෂනල් සංවිධානය (Junior Chamber International)මගින් වාර්ෂික ව මේ සම්මානය පිරිනමනු ලබයි. 1910 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ මිසුරි නගරයේ දී කුඩා කණ්ඩායමක් විසින් ආරම්භ කරන ලද මේ ක්‍රියාවලිය විධිමත් ව සහ සංවිධානගත ව ස්ථාපිත කරන ලද්දේ 1944 වර්ෂයේ දී මෙක්සිකෝවේ දී ය. මේ සංවිධානය අද වනවිට රටවල් 115 ක් පුරා ව්‍යාප්ත වී ඇත. අවුරුදු 18-40 වයස් කාණ්ඩයේ සාමාජිකයන් 250,000 ක් මේ වටා එක්ව සිටින අතර, තරුණ පරපුරේ හැකියා ප්‍රවර්ධනය, සමාජ වගකීම්, නිර්මාණශීලීත්වය වැනි ක්ෂේත්‍ර ඔස්සේ ඔවුහු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරති.

1954 වසරේ දී ශ්‍රී ලංකා ජූනියර් චේම්බර් ඉන්ටර්නැෂනල් සංවිධානය (Junior Chamber International Sri Lanka) ආරම්භ කර ඇත. 1980 වසරේ සිට ලංකාවේ ‘සමාජයේ ප්‍රගමනයට වසරේ වැඩි ම බලපෑමක් කළ තරුණයන් දස දෙනා (The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP) සම්මානය පිරිනමනු ලබයි.
1980 දී නාට්‍ය ක්ෂේත්‍රය යටතේ රිචඞ් ද සොයිසා ද, 1981 දී සිනමා ක්ෂේත්‍රය යටතේ මාලනී ෆොන්සේකා, ක්‍රීඩා ක්ෂේත්‍ර යටතේ බන්දුල වර්ණපුර, ජනමාධ්‍ය ක්ෂේත්‍රය යටතේ සිංහ රත්නතුංග ද, 1982 වසරේ දී සිනමා ක්ෂේත්‍රය යටතේ ගිවන්ත අර්ථසාද් ද, 1983-1984 වර්ෂ වලදී ක්‍රීඩා ක්ෂේත්‍රය යටතේ ජූලියන් බෝලින්ග් ද, 1985-1986 වසර වලදී ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් අර්ජුන රණතුංග, නීතිය ක්ෂේත්‍රයෙන් රොමේෂ් ද සිල්වා ද, 1987 වසරේ දී ජනමාධ්‍ය ක්ෂේත්‍රය යටතේ ආචාර්ය ජෙහාන් පෙරේරා, සංස්කෘතික ක්ෂේත්‍රය යටතේ ආචාර්ය සුනිල් ආරියරත්න, ක්‍රීඩා ක්ෂේත්‍රය යටතේ බ්‍රෙන්ඩන් කුරුප්පු ද, 1993 වසරේ දී පාරිසරික නායකත්වය ක්ෂේත්‍රය යටතේ නලින් ලද්දුවහෙට්ටි, කලාව සහ සංස්කෘතිය ක්ෂේත්‍රය යටතේ සබීතා පෙරේරා ද, 1997 වසරේ දී පෞරුෂත්ව වර්ධනය ක්ෂේත්‍රය යටතේ සනත් ජයසූරිය ද, 1998 වසරේ දී පෞරුෂත්ව වර්ධනය ක්ෂේත්‍රය යටතේ මුත්තයියා මුරලිදරන් ද, 1999 වසරේ දී ක්‍රීඩා ක්ෂේත්‍රය යටතේ රංජන් මඩුගල්ලේ ද, 2000 වසරේ දී පෞරුෂත්ව වර්ධනය යටතේ සුසන්තිකා ජයසිංහ ද, 2002 දී කලාව සහ සංස්කෘතිය ක්ෂේත්‍රය යටතේ භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් ද, 2003 වසරේ දී ව්‍යාපාර නිපුණතා ක්ෂේත්‍රය යටතේ කිෂූ ගෝමස් ද, 2004 වසරේ දී ජනමාධ්‍ය ක්ෂේත්‍රය යටතේ කිංස්ලි රත්නායක ද, 2006 වසරේ දී ජනමාධ්‍ය ක්ෂේත්‍රය යටතේ තාරකා වාසලමුදලිආරච්චි ද, 2007 වසරේ දී ළමයින් සහ මානව හිමිකම් ක්ෂේත්‍රය යටතේ භවානි ෆොන්සේකා ද, 2008 වසරේ දී පෞරුෂත්ව නිපුණතා ක්ෂේත්‍රය යටතේ කුමාර් සංගක්කාර ද, 2010 දී පෞරුෂත්ව නිපුණතා ක්ෂේත්‍රය යටතේ මහේල ජයවර්ධන ද, 2014 දී පාරිසරික නායකත්වය ක්ෂේත්‍රය යටතේ මාලක රොඩ්‍රිගෝ ද, 2015 වසරේ දී ජනමාධ්‍ය ක්ෂේත්‍රය යටතේ තනූජා ජයවර්ධන ද ආදී වශයෙන් ජනප්‍රිය සහ සමාජයේ කැපී පෙනෙන ලෙස වගකීම් ඉටු කරන පිරිසක් මෙම සම්මාන ලබා ඇත.

JCI TOYP serves to formally recognize young people who excel in their chosen fields and create positive change. By recognizing these young people, JCI raises the status of socially responsible leaders in this world. The honorees motivate their peers to seek excellence and serve others. Their stories of discovery, determination and ingenuity inspire young people to be better leaders and create better societies.

Since 1980, JCI Sri Lanka has honored nearly 300 individuals from all around Sri Lanka. These winners were awarded with the Prestigious TOYP Award at the early stages of their career and they went on to achieve many more milestones in their professional life. The list of winners include the cream of the decision makers and top game changers in many areas of the country.
The honorees will be selected by an international panel of distinguished judges. Up to ten honorees will be selected from all nominations received, regardless of category entered.

​Categories

1. Business, economic and/or entrepreneurial accomplishment
2. Political, legal and/or governmental affairs
3. Academic leadership and/or accomplishment
4. Cultural achievement
5. Moral and/or environmental leadership
6. Contribution to children, world peace and/or human rights
7. Humanitarian and/or voluntary leadership
8. Scientific and/or technological development
9. Personal improvement and/or accomplishment
10. ​Medical innovation

~අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදි~

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments