Fusion Awards 2016 | Part 01

by | Jul 31, 2016 | Job | 0 comments

Fusion Awards 2016 | Part 01
නගරයට පමණක් සිමා වු තොරතුරු තාක්ෂණ පාඨමාලවන් ගමට ලබා දී ගමේ ඉන්න දරුවන්ගේ අනාගතය ජය ගන්න බලාපොරොතුවක් හා ශක්තියක් වු Fusion Awards 2016 සහතික පත්ර පිරිනෑමිමේ උත්සවය අද මාදම්පේ සමූපකාර රඟහලේදී පැවැත්වූවා. මෙහිදි දිවයිනේ සෑම ප්රදේශයකින්ම පෑමිණි දුවලා පුතාලට පරිගනක ඩිප්ලොමා සහතිකය ලබා ගැනීමට අවස්ථාව හිමිවිය. මෙම වැඩසටහනේ ප්රධාන ආරාධිත අමුත්තා වූයේ ගරු අධ්යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාය.
මෙහිදී 2015 මාර්තු, අගෝස්තු, නොවැම්බර් සහ 2016 මාර්තු DICA විභාගය සඳහා පෙනී සිටි 1000කට අධික දුවා දරුවන්ටද, හොඳම සිසුන් 40 දෙනාටද සහතික සහ පදක්කම් ප්රධානය කෙරිණි. ඊට අමතරව හොඳම ව්යවසායකයා, හොඳම මධ්යස්ථානය, හොඳම ව්යාපෘති සම්බන්ධීකාරක වැනි විවිධ වූ අංග සඳහාද සමරු පලක ලබාදෙන ලදි.
මෙය සර්වෝදය ෆියුෂන් විසින් පැවැත්වූ 6 වෙනි සහතික ප්රදානෝත්සවය වේ.
 
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments