Field Visit to ඉදල්ගස්හින්න

by | Feb 18, 2017 | Travel | 0 comments

Field Visit to ඉදල්ගස්හින්න
අද තමයි සතියකට පස්සේ උණ අඩුවෙලා ඇඳෙන් නැගිටින්න පුලුවන් වුනේ. අසරණ පවුලක් ඉන්නවා කියලා දැනගන්න ලැබුණා ඉදල්ගස්හින්න ස්ටේෂන් එක කිට්ටුව. ඒ අය හොයාගෙන යන්න හිතුවා. අති දුෂ්කර පාරක කිලෝමීටර් 7ක් පමණ දැවැන්ත කන්දක් නගින්න ඕන. හපුතලේගමින් තමයි යන්න පාර තියෙන්නේ. කාර් එකේ ගිහින් ආපසු හරවගෙන ආවා මොකද ඒ පාරේ වාහන යන්න බැහැ. ඊට පස්සේ ත්රීවීලර් එකක් කතාකරගෙන ආපසු යන්න පිටත් වුණා. බොහොම අපහසුවෙන් ත්රීවීලර් එක තදින් අල්ලගෙන ගියේ. අලි නාවන වලවල්, භයානක ප්රපාත හැමතැනම. උඩට ගියහම වැල්ලවාය, හපුතලේ, ඇඹිලිපිටිය, මොණරාගල, උඩවලව, තිස්ස, කතරගම, හම්බන්තොට හැම තැනම පේනවා.
ඔක්කොටම හපන් සීතලයි, හුළඟයි. උණ කෙසේ වෙතත් අද හවසට නිව්මෝනියාව හැදෙනවා. ඒ තරමට සීතලේ ගැහුණා. කිලෝමීටර් 1 1/2 ක් පයින් යන්නත් වුණා. හැබැයි ගොඩක් ලස්සනයි ඒ පැත්ත. කෝච්චි 3-4කුත් හම්බවුණා.

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments