අම්මගෙනුත් ආශිර්වාද අරගෙන බිස්නස් මීටින් එකකට යන්න කියලා

අම්මගෙනුත් ආශිර්වාද අරගෙන බිස්නස් මීටින් එකකට යන්න කියලා

අද මේ ගමන යනවා කියන්නේ ඒකට හරියන්න සතියක්වත් ගෙදර ඉන්න වෙනවා ෂුවර් එකටම. මොකද මහන්සි වුණ ගමන් මට ගොඩක් අමාරු වෙනවා. ඇවිදිනවා කියන එක තමා මට මේ දවස්වල කරන්න අපහසුම වැඩේ

 

Tripmo. Anuradapura වෙබ් අඩවිය නිර්මාණය

Tripmo. Anuradapura වෙබ් අඩවිය නිර්මාණය

“ලොකු උනත්, පොඩි උනත් හැම විටම හැම ගමනක්ම වැදගත්” නිසා ඔන්න අද දවසේ උදේ වරුව මම ගත කලේ තවත් කළ්‍යාණ මිත්‍රයෙක් වෙනුවෙන් මගේ දැනුමෙන් සත්කාරයක් කරලා.

 

MasterPeace Sri Lanka වෙබ් අඩවිය නිර්මාණය

MasterPeace Sri Lanka වෙබ් අඩවිය නිර්මාණය

අද සවස් කාලය මම ගත කලේ ශ්‍රීලංකාවේ ජාතීන් අතර සමඟිය ඇති කිරීම සඳහා තාක්ෂණික සහය දක්වමින්.

MasterPeace Sri Lanka යනු විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර විශ්වාසයන් නැවත ගොඩනැංවීම සහ ඔවුන් අතර අන්‍යොන්‍ය අවබෝධය ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක ශ්‍රී ලංකාව නියෝජනය කරන ආයතනයයි.

Nishanta Kumara අයියා තමයි ශ්‍රී ලංකාවේ ඒ කටයුතු භාරව සිටින්නේ. නිශාන්ත අයියා මම අඳුරන්නේ මම සර්වෝදය ෆියුෂන් ආයතනයේ සේවය කරන කාලයේ සිට. ඔහුද සර්වෝදය ආයතනයේ ව්‍යාපෘතිය කළමණාකරුවෙකු ලෙස කටයුතු කලා. ඉතිං ඒ දැන හැඳුනුම්කම මත සහ ඔහු සමාජ සේවා ආයතනයක කටයුතු කරන නිසා ඔහුටද වෙබ් අඩවියක් සාදා දෙන්න මම පොරොන්දු වුණා. අද සවස් කාලයේ මගේ දැනුමෙන් සත්කාරයක් සිදුකලේ එහෙමයි. අසනීප නිසා සංචාරය කරන්න නොහැකි වුනත් කාමරයේ ඇඳට වෙලා ගතකරන එක තත්පරයක්වත් මම නාස්ති නොකර මේ කටයුත්ත සිදුකලා.

සැ.යු : මාගේ ජීවනෝපාය වන්නේ මාගේ පෞද්ගලික වෙබ් අඩවි සහ මෘදුකාංග සංවර්ධන ආයතනය හරහා සිදුකරන නිර්මාණ අලෙවිය වන අතර නිශාන්ත අයියා වසර ගණනාවක සිට මාගේ කල්‍යාණ මිතුරෙක් වන නිසාත්, ඔහු සමාජ සේවා ආයතනයක් පවත්වාගෙන යන නිසාත් ඔහුගේ වෙබ් අඩවිය නොමිළයේ නිර්මාණය කර දෙන ලදි.