වැරදුන කිස් එක

by | Dec 16, 2012 | Stories | 0 comments

වැරදුන කිස් එක

මේ කතාව කියන්න මට ලැජ්ජයි. පොළව පලාගෙන යන්න හිතෙනවා මතක් වෙනකොට. ඒත් මේක කියන්න ඕන. ඇය මට කොච්චර ආදරේ කරනවද කියලා ලෝකෙටම කියන්න කැමතියි මං.

මේ 2007 සැප්තැම්බර් 01 වෙනිදා උදේ 11ට විතර වුණ දෙයක්… මං එතකොට මගෙ ඔෆිස් එකෙන් පොඞ්ඩක් එළියට ගිහින් හිටියේ වැඩකට, එතකොට මං මගේ ගෑණු ළමයට ආදරේ කරන්න පටන් අරන් මාස 4ක් විතර වෙනවා. දින වකවාණු මං දවස ගානේ ඇඳන් හිටිය ඇඳුම් එක්ක මතක තියාගෙන ඉන්න පුළුවන් ඇයට විතරයි. මං ඇයට ආදරේ කරන්න ප‍්‍රධාන හේතුවක් වුණේ ඇය මං වෙනුවෙන් ඒ හැම දෙයක්ම මතක තියාගන්න නිසයි.

කොහොමහරි මං ඔෆිස් එකට එනකොට එයා ඇවිත් හිටියා. මට මාර සතුටක් දැනුනේ. එයා දිවුල් ගෙඩියක් අරන් ඇවිත් තිබ්බා. මං ඒවා අමුවෙන් කන්න හරි ආසයි කියලා එයා දන්නවා. ඒක දුන්න නිසා ඒකට ස්තූති කිරීමක් විදිහට මං එයාට කිස් එකක් දෙන්න මූණ ඉස්සරහට කළා. එයත් ඒකට ප‍්‍රතිචාර දක්වන්න උත්සාහ කලා. දෙන්නගේ මුහුණු දෙක එකට වැදුණා. ඒක තමයි අපේ පළවෙනි කිස් එක. මං ලැජ්ජාවෙන් අහක බලාගත්තා.

දවසම මට හිතට හරි නැහැ. මං හවස 7.40ට මෙහෙම මැසේජ් එකක් යැව්වා.

‘අර වුණ දේ නොවිය යුතු දෙයක්, මට සමාවෙන්න නංගි. ඒක මගේ හිතට වද දෙනවා. මං හිතලා කලේ නැහැ. මට සමාවෙන්න. ඇත්තටම සමාවෙන්න. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න’

එයා මට කොච්චර ආදරේද කියනවානම් එයාට මං ආදරේ කල පළවෙනි දවසේ ඉඳන් අද වෙනකම් මං යැව්ව හැම මැසේජ් එකක්ම ෆෝන් නම්බර් එක, දිනය, වෙලාව තත්පරයත් ඇතුළත්ව ලියලා තියෙනවා පොතක. එයා මට එච්චර ආදරේ කලා කියලා මං දැනගෙන හිටියේ නැහැ.

මං මේ කතාව ලිව්වට කමක් නැත්ද අහන්න දැන් ටිකකට කලින් මෙහෙම මැසේජ් එකක් දැම්මා.

‘සුදුමැණිකේ, ඔයා දුන්න පළවෙනි කිස් එක ගැන මං කතාවක් ලියන්නද? මං ඒකේ ඔයාගේ නම දැම්මට කමක් නැත්ද?’

ඒකට මට මෙහෙම උත්තරයක් ලැබුණා.

‘කමක් නැහැ, ඔයා මගෙන් අහන්නේ ඇයි? ඒ ආදරේ ඔයාගෙත් ආදරේ, අපි ආදරේ කලේ ඔෆීෂියල් විදිහට. අහිතකින්, වලත්තකමකින් අපි කවදාවත් ආදරේ කලේ නැහැ. රූම් ගානේ ගියේ නැහැ. ඔයාගේ රූම් එකේ මං ඇඳුම් මාරු කරනකොටත් අහක බලාගත්ත මිසක්. ඉතිං ඒ ආදරේ ගැන නම් නෙමෙයි ෆොටෝ එක්ක දාන්න ඕන. මොකද ඒ වගේ ආදරයක් නැහැ’

ආදරණීය දිල්ශිකා, මේ ඔයාගේ ආදරය, සෙනෙහස වෙනුවෙන්… ඔයාට මං හැමදාමත් ආදරෙයි… ගොඩාක් ආදරෙයි… දෙන්නට දෙන්නා ඒක මූණට මූන නොකීවට ඇත්තටම අපි දෙන්නට දෙන්නා ගොඩාක් ආදරෙයි කියලා අපේ හිත් දන්නවා…

මේ අපේ ආදරයයි. මං ධනේෂ් මධුරංග… මේ කතාව ලිව්වේ මගේ ආදරණීය පෙම්වතිය දිල්ශිකා යසන්තිනී වෙනුවෙන්… මං ආදරෙයි ඔයාට අහස තරම්, සමහර විට ඊටත් වැඩියෙන්… ම්…. ඊටත් පොඩ්ඩක් වැඩියෙන්…

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments