ගුපිල ගුනරත්න අයියා සහ Harsh B’nayaka අක්කා මගේ කෝට්ටේ ඔෆිස් එකට මේ තෑගි ගෙනත් දීලා තිබ්බා. ඉතිං මම ඊයේ ඔෆිස් අවසන් වෙලා අසනීපෙන් හිටියත් ගෙදර නොයා කල්පනා කලා මේ තෑගි ටික දරුවන්ට බෙදන්න අරන් යන්න ඕන කියලා. ඉතිං ඔෆිස් අවසන් වෙලා ඊයේ මම මදුරන්කුලියට ආවා. රෑ 12 වුණා අපි එනකොට. උදේම අපි ඒ තැගී වෙන් කරන්න පටන් ගත්තා. මේ ප්‍රදේශය අති දුෂ්කර ප්‍රදේශයක්, ගිණි කාෂ්ටක අව්ව. මිදුලේ පැදුරක් එලාගෙන ඩ්‍රයිවර් මල්ලියි මායි තෑගි පැක් කලා. අද සවස් වරුවේ, 1.30ට පාසල් ඇරුනට පසුව අපි යනවා මේ තෑගි බෙදන්න. ඉතිරි වුනොත් අපි ඒ ටික අනුරාධපුර අරන් යනවා…
ඔය දෙන්නට බොහොමත්ම පිං…
පොඩ්ඩන්ට මේවා බෙදලා ඒ අයගේ සතුට ඉක්මනටම ඔයාලට පෙන්වන්නම්…
මෙහෙ කොච්චර දුෂ්කරද කියනවනම් වතුර නැහැ මූණ හෝදන්නවත්…. තව ටිකකින් වැවක් හොයාගෙන ගිහින් නාලා ලැහැස්ති වෙන්න ඕන. මගෙ අසනීපත් එක්ක ටිකක් අපහසුවෙන් වැඩ කරන්නෙත්.







