ඔබ දන්නවාද SamajaSathkara.lk කියන්නේ ලංකාවේ ප්රථම සහ එකම පැය 24 පුරා අසරණ මිනිස්සුන්ට උදව් කරන, අසරණ මිනිසුන් වෙනුවෙන් කැපවෙන සමාජ සත්කාර ආයතනය කියලා ?
මෙය 2013 වසරේ අග භාගයේදී ධනේෂ් මධුරංග එදිරිසූරිය විසින් ආරම්භ කරන ලදි. ඔහු වෘත්තීයෙන් මෘදුකාංග සහ රොබෝ තාක්ෂණික උපාංග නිපැයුම් කරුවෙකු වන අතර සර්වෝදය ෆියුෂන් ආයතනයේ ( Sarvodaya-Fusion) මෘදුකාංග නිර්මාපකයෙකු සහ ව්යාපෘති සම්බන්ධීකාරකවරයෙකු ලෙස කටයුතු කරයි. ඒ වගේම නැනෝ තින්ක්ලැබ් (Www.nanotalented.info) මෘදුකාංග සහ වෙබ් අඩවි නිපයුම් ආයතනයේ කළමණාකාර අධ්යක්ෂවරයාද වේ.
වසර 2006 සිට බී.එච්. එදිරිසූරිය තම පියාණන්ගේ මග පෙන්වීම යටතේ සමාජ සේවයට පිවිසුණු ඔහු 2009 වසරේ සිට තමාගේ පෞද්ගලික ධනයෙන් මිනිසුන්ට උදව් කල අතර 2013 වසරේදී ෆේස්බුක් සමාජ ජාලය රටේ වෙනසක් කරන්නට, රටේ යහපැවැත්මට යොදාගෙන ආදර්ශමත් පුරවසියෙකු වෙන්නේ කෙසේද යන්න රටට පෙන්වන්නට, අයිතීන් ඉල්ලා වර්ජනය කරන කෑගසන සමාජයක, රටේ ප්රශ්න වල වැරැද්ද අනෙකුන් පිට පටවන සමාජයක එසේ නොකට ස්වඋත්සහයෙන් ලොව වටා පිනට ලැදි දස දහසක් ෆේස්බුක් මිතුරන් එකතුකොට රට ගොඩනංවන්න පරම පිවිතුරු චේතනාවෙන් කිසිම දේශපාලන සම්බන්ධයකින් තොරව මෙය ආරම්භ කරන ලදි.
අද වන විට සෘජු හා වක්ර ප්රතිලාභීන් සංඛ්යාව 20,000 ඉක්මවා ඇත. සෑම දිස්ත්රික්කයකම, සෑම ජාතියකටම සහ ආගමකම මිනිස්සු වෙනුවෙන් උදව් කරන ඔහු ජාත්යාලය ප්රොෆයිල් පින්තූරයෙන් හෝ ස්ටිකරයකින් රටට පෙන්වන කෙනෙකු නොවේ. සැමවිටම ආදර්ශමත් ගමනක් යයි…
ඕනෑම අභියෝගයක් භාරගැනීමට ඔහු සූදානම්. 100 දෙනෙක් සිටින ආයතනයක වැඩ ඔහු සැලසුම් කරන්නේ තනිවම, සමාජසත්කාර.lk හි දැනට සිදු කල යුතු කාර්යවලින් 99%ක් දක්වා ඔහු සිදු කරන අතර ඔබට ඇත්තේ භාණ්ඩ මිළදීගැනීමට, ඇසිරීමට හෝ බෙදාහැරිමේදී ඡායාරූප වලට පෙනීසිටීමට පමණයි.
පාසල්, පන්සල්, නිවාස, මං මාවත් තැනීම වැනි ව්යාපෘති ඔහු සිතන්නේ පොඩි දරුවෙක්ට රු.100ක සෙල්ලම් බඩුවක් ලබාදෙන තරම් සැහැල්ලුවෙන්. නිවාස 50ක් සහිත ගමක් හදන ව්යාපෘතියේ ඔහුගේ එකම බාධකය විශාල ඉඩමක් සොයාගැනීම පමණි. කිසිම දේශපාලනඥයෙක්ගෙන් බාධාවක් නොවේනම් රජයෙන් බාධාවක් නොවේනම් එය ඔහුට සුළු කාර්යයකි.
ධනේෂ් මධුරංග යනු දේශපාලනඥයකුටත් වඩා රටට සේවයක් කරන දේශපාලකයෙකුට මෙන් වාසි ගැනීම සඳහා ව්යාජ සෙනෙහසක් ලැබෙන පුද්ගලයෙකු නෙමේ. ඔහුට සැබවින්ම ලොව වටා දස දහස් ගණනක ලොකු, කුඩා සැමගේ ආශිර්වාදය ලැබේ. එපමණක් නොව ඔහු ලංකාවේ වැඩිපුරම සැබෑ ආදරය, සෙනෙහස ලබන පුද්ගලයා වේ. දවසකට 50ට අධික මව්වරුන්, පියවරුන් ප්රමාණයක් ඔහුගේ හිස පිරිමැද, සිප “මගේ පුතාට/අප්පච්චිට/දෙයියට/රත්තරංට බුදු සරණයි” යනුවෙන් පවසයි.
ජීවිතයම සමාජසත්කාර වෙනුවෙන් කැප කරන ඔහු විවාහ වීමද පසෙකලා අන්තිම හුස්ම දක්වා අසරණ මිනිසුන්, සතුන්, රට, ජාතිය, ආගම වෙනුවෙන් කැප වීමට බලාපොරොත්තු වේ.
ඔබටත් මෙහි කොටස් කරුවෙකු වෙන්න පුලුවන්…
ධනේෂ් මධුරංග ගැන දැනගන්න : http://goo.gl/UDsSpO
ඔහුගේ මිතුරෙක් වෙන්න : https://www.facebook.com/DaneshSSLK
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කරන්නාවූ සත්කාරයකි…
Contact : 0703366488 / 0773366488
Helping Everyone, Everyday, Everywhere







