සුවඳ මල් සහ සුවඳ දුම් පූජාව

by | Dec 25, 2015 | Ashirwadha | 0 comments

සුවඳ මල් සහ සුවඳ දුම් පූජාව
ස්වර්ණමාලී සෑරදුන් වෙනුවෙන් සිදු කල සුවඳ මල් සහ සුවඳ දුම් පූජාව…
ඊයේ නොච්චියාගම වැඩකටයුතු ඉවර වෙනවිට සවස 7ත් පහුවෙලා. දහවල් මා Buddhika Harischandra අයියට පොරොන්දු වුණා එයා වෙනුවෙන් රුවන්වැලිසෑයට නෙළුම් මල් වට්ටියක් පූජා කරනවා කියලා. ඉතිං ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕන නිසා සවස පොලොන්නරුව නොගොස් අනුරාධපුර නතර වුණා.
අද උදෑසනම මමත් දිනේෂ් අයියත් රුවන්වැලිසෑයට ගියා. බුද්ධික අයියා වෙනුවෙන් නෙළුම් මල් පොකුරකුත්, අපේ අම්මාට සනීප වෙන්න කියලා ප්රාර්ථනා කරගෙන නිල්මානෙල් මලුත්, මාගේ සියලුම ෆේස්බුක් මිතුරන්ට ආශිර්වාද පතා සුදු ඕලු මලුත් පූජා කර සුවඳ දුම් පූජාවකුත් සිදුකලා.
පසුගිය සඳුදා ආරම්භ කල ලංකාවේ ප්රථම පැය 24 පුරා ක්රියාත්මක සමාජසත්කාර Helping People On the Go සේවාවත් සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කලා..
ඔබ සැමට මේ සිදුකලා වූ පුණ්යකර්මය අනුමෝදන් වෙත්වා.. තෙරුවණ් සරණයි
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments