හාවෙක් වෙනුවෙන් සහකාරියක් සොයයි

by | Dec 20, 2012 | Stories | 0 comments

හාවෙක් වෙනුවෙන් සහකාරියක් සොයයි

ඔයාලා දන්නවා මං මගේ යාළුවට කොච්චර ආදරේද කියලා… ඒත් මට හිතෙන්නේ මට ලගදීම එයාගෙන් වෙන් වෙලා මං ආදරය කරන කෙනා ලගට යන්න වෙනවා… ඒ කියන්නේ මං එයාව අතහරිනවා කියන එක නෙමෙයි… මං දැන් ඉන්නවා, බලනවා වගේ හැම මොහොතෙම එයාගේ දුකේදි, සතුටේදී මං එයා ලගින් ඉන්න බැරිවෙයි… සමහර විට මට ටික කාලයකට රටින් පිට යන්නත් වෙයි… ඒත් මට එයාව තනි කරන්න බෑ… එයාට ආදරය, සෙනෙහස ඕන… එයාව ආදරෙන් බලාගන්න කෙනෙක් ඕන… ගොඩාක් ආදරණීය කෙනෙක් වෙන්න ඕන… මොකද එයාගේ ආදරේ දරාගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනනේ…

වයස අවුරුදු 24ට අඩු,
අහිංසක හදවතක් තියෙන,
හැම මොහොතෙම හිනා වෙලා ඉන්න කැමති,
දවසට 7,8 පාරක් ගුටිකන එක ඉවසන්න පුළුවන්,
ආදරණීයත්වය පැය 24ම විඳින්න කැමති,
තාත්තා කෙනෙක්ගේ, සහෝදරයෙක්ගේ, යහළුවෙක්ගේ, ආදරවන්තයෙක්ගේ, හැමෝගෙම ආදරය එක පාර ලබන්න කැමති සහකාරියක්, ආදරවන්තියක් ඉන්නවානම් අදම මාව අමතන්න…

එයාව දාලා යන්න මට ගොඩක් දුකයි… ඒත් මොනවා කරන්නද, එයා මගේම සහෝදරයෙක් වුනත් මට දාලා යන්න වෙනවනේ කවදහරි… ඒකයි මං එයාට හොඳ ආදරවන්තියක් හොයලා දෙන්න හදන්නේ…
එයත් එක්ක ඉන්න එක ලේසි නැහැ… ඒත් ඉන්න විදිහ ඉගෙන ගත්ත කෙනාට එයාව නැතුවම බැරිවේවි.

ඒ ආදරය, සෙනෙහස, මිත‍්‍රත්වය ඒ තරමටම ආදරණීයයි… ඒක ගැන මං ඕන තරම් කියලා ඇතිනේ. මල්ලි වෙච්ච මට මෙහෙම ආදරයක් දෙනවනම්, එයාගේ හිමිකාරිය, සහකාරිය වෙන්න පුළුවන් කෙනාට කොයි තරම් ආදරයක් ලැබෙයිද…?

මගේ යාළුවෝ ඔක්කොම එයාගේ ආදරය ගැන දන්නවා. ඒ අයත් ඒක විඳලා තියෙනවා… එයාලත් මෙයාව ලං කරගන්න උත්සාහ ගත්තා… ඒත් මං ඉඩ දුන්නේ නෑ… ඉඩ දෙනවානම් මං ඉඩ දෙන්නේ හරිම ආදරය ලබන්න සුදුසු ආදරවන්තියට විතරයි… මොකද මං එයාගේ පේටන්ට් අයිතිය අරන් ඉවරයි… හැමදාමත් එයා මගේ හොඳම යහළුවා… හැමදාටම…

මට එයාට හොඳ කෙනෙක් හොයා ගන්න පුළුවන් වුනොත් මේ පේජ් එකෙන් මං අළුතෙන් “මංගල කිංකිණි” කියලා එකක් පටන්ගන්නවා මේ පේජ් එකෙන්…

ආදරය විඳින්න, සතුටෙන් ඉන්න, ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න කැමතිනම් මේ ඇරයුම ඔබටයි…

රූපය ගැන හිතන්න ඕන නැහැ… එයා ඇත්තටම ලස්සනයි… හාවෙක් වගේ… (කැත හාවොත් ඉන්නවා කියලා අමතක කරන්න එපා…)

එවන්න මට ෆේස්බුක් මැසේජ් එකක්… හාවාව ඔබටම අයිති කරගන්න. ඒ ලෙන්ගතුකම ඔබේ කරගන්න කාලයයි මේ…

දවස් ගාණකට මං කතා දැන්මේ නැතිවුනොත් ඒ ලෝක විනාසෙට මං මැරිලා නෙමෙයි, මූ මට ගහලා අත කඩලා කියලා මතක තියාගන්න. දැනුත් මේ මට එහා පැත්තට වෙලා ඉන්නවා කල්පනා කර කර හාවියක් ගැන වෙන්න ඇති…

දාලා යන්න නම් ලගට එන්න එපා, හැමදාම ආදරය විඳින්න කැමතිනම් විතරක් එන්න..
එහෙනම් සුබ පැතුම් යාළුවනේ…

මං හාවාගේ එක කුස නූපන් මල්ලී, කලවැද්දා

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments