සුභ උපන්දිනයක් පොඩි අක්කා | Nilanthi Edirisooriya

by | Jun 18, 2018 | Life | 0 comments

සුභ උපන්දිනයක් පොඩි අක්කා | Nilanthi Edirisooriya

අද මගේ පොඩි අක්කාගේ උපන්දිනය. අද මම මේ ඉන්න තත්වයට එන්න මගේ පොඩි අක්කා ලොකු දායකත්වයක් දැක්වූවා. අනික් පවුල්වල සහෝදර සහෝදරියන්ට වඩා අපේ පවුලේ අයගේ බැඳීම වැඩී… පුදුම එකතුවක් ආදරයක් තියෙන්නේ.
ඔය කෙල්ල වගේ හිටියට දැන් 50ටත් කිට්ටුයි. ඔයාලා දන්නවද අක්කත් මං වගේම තමා. එයාගේ ඔෆිස් එකේ ඉන්න අසරණ අයගේ ගෙවල් වල ගිහින් එයාලගේ අඩුපාඩු හොයලා බලනවා. මට ඒ අයගේ විස්තර ඡායාරූප එවලා කියනවා අනේ මල්ලි මේ අයට මොනව හරි උදව්වක් කරන්නකෝ කියලා. මගේ පවුලේ හැමෝම මං වගේම තමා. ඇත්තටම බැලුවොත් ඉතිං ඒ අයගේ මග පෙන්වීම යටතේ, එයාලා ගිය පාරේ තමයි මම මේ වැඩ ආරම්භ කලේ.

ඔබ වැනි සහෝදරියක් ලබන්න මං ගොඩක් පිං කරලා තියෙනවා….

සුභම සුභ උපන්දිනයක් පොඩි අක්කේ….

මගේ සොහොයුරිය පිළිබඳව වැඩි දුරටත්…

නිලන්ති එදිරිසූරිය වන මාගේ සොයුරිය පසුගිය වසරේ පැවැත්වූ MAS Women Go Beyond වැඩසටහනේදී “අභිමානී – සවිබල ගැන්වූ කාන්තාව” – The Empowered Women of the Year 2017 ලෙස සම්මානට පාත්‍ර වූ බවද ඉතාමත් සතුටින් දැනුම් දෙමි.

2006 වසරේදී අපගේ පියාණන් වන බී.එච්. එදිරිසූරිය හා එක්ව මාගේ සොයුරියත් මමත් විවිධ වූ සේවාවන් අපගේ ගම වෙනුවෙන් සිදු කළා. ආදරණීය පියාණන්ගේ අභාවයෙන් පසුව මෙම කටයුත්ත මා විසින් තව දුරටත් වැඩි දියුණු කරමින් ලංකාවේ දුෂ්කර ප්‍රදේශ කරා දියත් කිරීම සිදු කළා. එම ගමනේදී සෙවනැල්ලක් සේ අසළින් රැඳෙමින් මා හට නිබඳව සවියක් වූයේ නිලන්ති එදිරිසූරිය වන මැයයි. සොයුරියකගේ සෙනෙහස නොඅඩුව ලබා දෙමින් මාහට මුහුණ දීමට සිදු වූ සෑම ගැටළුවකදීම නිවැරදි මඟ පෙන්වා දෙමින් මා යන ගමනට දිරි දුන්නේ ඇයයි. මනසින් වැටුණ හැම මොහොතකදීම නැවතත් නැගී සිටින්නට අත දුන්නේ ඇයයි. සමාජසත්කාර ව්‍යාපෘති වලට අවශ්‍ය මුදල් එකතුවන තෙක් ඒවා සිදු කිරීමට අවශ්‍ය මුදල් ලබාදෙන්නේද ඇය විසිනි.

SamajaSathkara.lk පදනම මේ තාක් ආ ගමන් මඟ දෙස නැවත හැරී බැලීමේදී පසුපසින් හිඳ නොවෙනස්ව සවියක් වෙමින් අසළින් හිඳි පුද්ගලයන් අතුරේ ඇය ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. මා ලැබූ සාර්ථකත්වය තුළ නිහඬ දායකත්වය ලබා දුන් ඇයට අද වන විට ලැබිය යුතු සැබෑම ගෞරවය හිමි වී තිබෙනවා. රැකියාව පවුල් ජීවිතය යන දෙකම සමබර කරගනිමින් සමාජ සේවය උදෙසාද කාලය යෙදවිය හැක්කේ සැබෑ ලෙසටම දිරිය සිතක් ඇති කාන්තාවකටම පමණි. එවන් සිතක් ඈ තුළ තිබූ බව මනා කොට පසක් කරමින් මෙසේ ඈ ගෞරවයට පාත්‍ර වීම සමාජසත්කාර පදනම මෙන්ම සෙනෙහෙබර සොහොයුරෙකු ලෙසින් ධනේෂ් මධුරංග එදිරිසූරිය වන මාද ලැබූ වටිනා ජයග්‍රහණයක් වේ.

Proud of you අක්කා….

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments