අද මගේ පොඩි අක්කාගේ උපන්දිනය. හෙට මගේ උපන්දිනය. අද මම මේ ඉන්න තත්වයට එන්න මගේ පොඩි අක්කා ලොකු දායකත්වයක් දැක්වූවා. අනික් පවුල්වල සහෝදර සහෝදරියන්ට වඩා අපේ පවුලේ අයගේ බැඳීම වැඩී… පුදුම එකතුවක් ආදරයක් තියෙන්නේ.
ඔය කෙල්ල වගේ හිටියට දැන් 50ටත් කිට්ටුයි. ඔයාලා දන්නවද අක්කත් මං වගේම තමා. එයාගේ ඔෆිස් එකේ ඉන්න අසරණ අයගේ ගෙවල් වල ගිහින් එයාලගේ අඩුපාඩු හොයලා බලනවා. මට ඒ අයගේ විස්තර ඡායාරූප එවලා කියනවා අනේ මල්ලි මේ අයට මොනව හරි උදව්වක් කරන්නකෝ කියලා. මීට සතියකට විතර කලින් මට කතා කරලා කියනවා මල්ලී මගේ උපන්දිනයට මට කාට හරි අසරණ කෙනෙක්ට ගෙයක් හදලා දෙන්න ඕන කියලා. මට පුදුම සතුටක් දැනුනේ. මගේ පවුලේ හැමෝම මං වගේම තමා. ඇත්තටම බැලුවොත් ඉතිං ඒ අයගේ මග පෙන්වීම යටතේ, එයාලා ගිය පාරේ තමයි මම මේ වැඩ ආරම්භ කලේ.
ඔබ වැනි සහෝදරියක් ලබන්න මං ගොඩක් පිං කරලා තියෙනවා….
සුභම සුභ උපන්දිනයක් පොඩි අක්කේ







