සැබෑ ආදරය ගෙදර වටලප්පන් සාදමින් සිටියදීද මුණගැසිය හැක.

by | Feb 23, 2017 | Gossip | 0 comments

සැබෑ ආදරය ගෙදර වටලප්පන් සාදමින් සිටියදීද මුණගැසිය හැක.
අද මං දවාලේ පෝස්ට් එකක් දැම්මනේ වටලප්පන් ඕන කියලා. ඔය පහතින් තියෙන්නේ ඒක…
“තමන්ගේ හුරතල් දලුවා දවස් ගාණකට පස්සේ ගෙදර එනකොට දලුවා වෙනුවෙන් විශේෂ දෙයක් හදලා තියෙන එක රත්තරන් අප්පුච්චෙක්ගේ වගකීමක්. ඉතිං වෙනද වගේ මේ වෙබ්සයිට් එකට ගිහින් දලුවා හවසට එනකොට කන්න ලොකූ වටලප්පමක් හදලා තියන්න.
නැත්තන් දන්නවනේ, රෑට Conjuring 2 පෙන්වලා තනියෙන් එළියට යවනවා…
4 වෙනකොට දලුවා ගෙදර…”
මං එනකොට අප්පුච්චා දවල් කලින් ඕෆ් වෙලා ඇවිත් වටලප්පන් හදන්න පටන් ඇරන්. කජු එහෙම දාලා, රස පාටයි…
බලමුකෝ 7.00ට දෙන්නම් කීවා. කෝකටත් ඔයාලා 9ට වගේ මං ඉන්නවද කියලා හොයලා බලන්න. රිප්ලයි එකක් නැත්නම් දියතලාවට ඇම්බියුලන්ස් එකක් එවන්න…
මොනා වුණත් මෙච්චර ආදරේ කරන අප්පුච්චෙක් ලැබෙන්න මං ගොඩක් පිං කරලා තියෙනවා. (බොරු බටර්, තව කෑමක් හදාගන්න…)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments