ස්මාර්ට් විදිහට කුණු බැහැර කරමු

by | Sep 3, 2017 | Project | 0 comments

ස්මාර්ට් විදිහට කුණු බැහැර කරමු

අහම්බෙන් දුටු ආදර්ශමත්‍ වැඩක් ගැනයි මේ කියන්න යන්නෙ. මේ අපේ ගමේ කුණු බැහැර කරන්න නිර්මාණය උන බොහෝම වෙනස් වැඩපිළිවෙළක්. ගමට යන මඟ දෙපස විදුලි කණු වල පාට පාට කුණු කූඩ එල්ලලා. ගමේ අයට කොහෙවත්ම යන්න ඕන නෑ පාරේ කුණු දාන්න ඕනත් නෑ. තමන්ට ළඟම තියෙන මේ කුණු කූඩ වලට කුණු දාන්න පුළුවන්. පාර දිගට කකා යන කඩචෝරු වල දවටන පවා ඔහේ විසි කරන්නෙ නැතුව හැම විදුලි කණුවකම කුණු කූඩ තියෙන නිසා ළඟම තියෙන කූඩෙට දාන්න පුළුවන්. ඒවා අසල ඉන්න පිරිස් මේ කූඩ පිරිසිදු කිරීම් සිදු කරනවා. එතකොට දුර්ගන්ධය පැතිරීමත් මඟ දෙපස අපවිත්‍ර වීමත් සිදු වෙන්නෙ නෑ. විශේෂයෙන්ම මේ වෙද්දි පීඩා විඳින ඩෙංගු රෝගයට මූලික වන ජලය රැඳෙන කිසිවක් මඟ දෙපස ඉතිරි වෙන්නෙත් නැහැ.

ඉතින් මේ වැඩ පිළිවෙල තුළින් පරිසර දූෂණයෙන්, දුර්ගන්ධයෙන්, අප්‍රසන්න ස්වභාවයෙන් තොර සුන්දර පරිසරයක් ගම්වාසී සැමටම උරුම වනවා මෙන්ම සැමටම නීරෝගීව වාසය කිරීමටත් හැකි වෙනවා.

ඉතින් මේ වැඩපිළිවෙළ මගේ ගමේ ක්‍රියාත්මක වෙලා තියෙනවා දැක්කම මේ ආදර්ශය තවත් ප්‍රදේශ වලට දෙන්න ඕන කියලා මට හිතුණා. ඒ අනුව ඉදිරියේදී අපි මේ ආකාරයට ගම්මාන වල මඟ දෙපස කුණු කූඩ රඳවා නිසි ලෙස කුණු බැහැර කිරීමට සහය ලබා දෙනවා.

ලංකාවේ හැම තැනකම තියෙන බරපතලම ප්‍රශ්නය කුණු. අපි මොන වැඩක් කරත් අපද්‍රව්‍ය විදිහට පුංචි දෙයක් හෝ ඉවත් කෙරෙනවා. ඉතින් ඒ දේවල් නිසි ලෙස කළමනාකරණය නොකළම කුණු නිසා ඇතිවෙන ප්‍රශ්න බොහෝමයි. විශේෂයෙන්ම ගම් වල පාරවල් ගානේ මුළු වල කුණු එකතු වෙන්නෙ මේ විදිහට නිසි කළමනාකරණයක් නැති කමින්. අපේ මේ නවතම ව්‍යාපෘතිය හරහා නිසි ලෙස කුණු බැහැර කරන්නට හැකියාවක් ලැබෙනවා. මෙය කොළඹ වැනි නාගරික ප්‍රදේශ වල ක්‍රියාත්මක කිරීම තරමක් අපහසු කටයුත්තක්. ප්‍රථමයෙන් මා මෙය ගම්බද ප්‍රදේශ වල සිදු කරනවා. කුණු නිසා පාරක යන්නත් බෑ කියන ගම්මාන මේ වැඩ පිළිවෙළින් පස්සේ හරිම ලස්සන වේවි.

මේ සඳහා ඔබේ අදහස් හා යෝජනා ලබා දෙන්න. සැවොම එකට එක්ව සොඳුරු සොබාදම් මාතාව දූෂිත වී විනාශ වීම වළක්වා ගනිමු.

An Innovative Environmental Project idea by SamajaSathkara.lk | Keep our Country Clean

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments