සර්වඥ ධාතූන් වහන්සේලාගේ ධාතු තැන්පත් කිරීමට කරඬුවක් සැරසීම (Part 03)

by | Feb 27, 2019 | Working | 0 comments

සර්වඥ ධාතූන් වහන්සේලාගේ ධාතු තැන්පත් කිරීමට කරඬුවක් සැරසීම (Part 03)

කරඬුව සැරසීමට ඔබත් දායක වීමට කැමතිනම් අපට කතා කරන්න….
Chat : m.me/Daneshmaduranga

සමාජ සත්කාර කණ්ඩායමේ අපි කවදත් විවිධාකාරයෙන් යුත් පිංකම් සිදු කරනවා. ඔබට මතක ඇති අපි විසින් පසුගිය වසරේ ධාතූන් වහන්සේලා තැම්පත් කරන ලද කරඩුන් වහන්සේ නමක් අඩු ආදායම් සහිත දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයකට පූජා කරනු ලැබුවා. මේ වසරේද මා‍ර්තු මාසයේදී අපි එලෙසම ධාතූන් වහන්සේලා සහිත කරඩුන් වහන්සේ නමක් පූජා කිරීමට බලාපොරොත්තු වෙනවා. (මෙම පිංකම 2018 වසරේ ආරම්භ කරන ලද්දකි)

අඩි 3 ක් පමණ උසැති රන් සහ රිදී ආලේපිත කරඬු 2ක් අප විසින් මේ ආකාරයට සැරසීම සිදු කරනවා. එය මහත් ඵල මහානිසංස ගෙනද පුණ්‍යකර්මයක් වෙනවා. අපගේ මහන්සියෙන් නිමවුනු කරඬුවක් නිස හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. දිනෙන් දින එය ක්‍රම ක්‍රමයෙන් මිතුරන්ගේ ශ්‍රම දායකත්වයෙන් අලංකාර වෙනවා.

මධුශංක පුෂ්පකුමාර මල්ලීත්, අජිත් ප්‍රියංකර අයියාත්, ලහිරු නුවන් මල්ලීත් ඔවුන්ට නිදහස් වේලාවන්හීදී පැමිණ මේ කරඬුව සැරසීමට විශාල දායකත්වයක් දැක්වූවා. ඔබටද නිදහස් වේලාවන්හීදී තුල්හිරිය අප නිවසට පැමිණ මේ මහඟු පිංකමට දායකත්වය දක්වන්න. කලාතුරකින් කරන්නට ලැබෙන මේ උතුම් ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමට බලාපොරොත්තු වන කරඬු සැරසීමට උදව් වන්න. සමහර විට එක් විනාඩි 5ක කාලයක් මේ වෙනුවෙන් වෙන් කර ඔබට මුලු සංසාරයම දුකින් තොරව ගත කරන්න තරම් කුසල රැස්කරගන්නට හැකිවේවි.

මේ පිංකමට සියලුම මුදල් ආධාර ලැබී තිබෙන බැවින් ඔබගේ ශ්‍රම දායකත්වය ලබාදී පිං රැස් කරගන්නා ලෙස සියලුම ෆේස්බුක් මිතුරන්ගෙන් ඉල්ලා සිටිනවා…

ධාතු කරඬු පිදීමේ අනුසස්…

මහා සඟරුවනට පූජාගර්භ වස්තු, සර්වඥ ධාතු තැන්පත් කිරීමට කරඬු පූජා කිරීමේ පිනෙන් නාගිත මහ රහතන් වහන්සේ ලැබූ ආනිශංස දහයකි.

* සසරේ සෑම ආත්ම භවයකදීම පින විසින්ම ආරක්ෂාව සැලසීම,
* ලෙඩ දුක් වලින් තොර සැපවත් ජීවිත ලැබීම * අඩු නොවන බලයක් ඇතිවීම
* අන් අය උපක්‍රමශීලීව කරනු ලබන වස විස කැවීම් හදි හූනියම් කිරීම වැනි විපත් වලට හසු නොවීම
* සුකුමාල සිරුරක් ලැබීම
* සතුරු බිය, අමනුෂ්‍ය බිය, රෝග බිය, දුර්භික්ෂ බිය ආදියට සසර දී හසු නොවීම
* සකල විධ සැප පහසුකම් ඇති සුඛෝපභෝගී නිවාස ලැබීම
* උසස් යාන වාහන ලැබීම
* ජලයෙන් භූමි කම්පාවන්ගෙන්, ඉඩෝරයෙන්, ගින්නෙන්, හොරුන්ගෙන් කෘමීන්ගෙන් වස්තුව කවරදාකවත් විනාශ නොවීම
* නිර්වාණාවබෝධයට උපකාර වීම

කරඬුව සැරසීමට ඔබත් දායක වීමට කැමතිනම් අපට කතා කරන්න….
Chat : m.me/Daneshmaduranga

Location : කෑගල්ල දිස්ත්රික්කය (තුල්හිරිය)

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments