වාහනයකට යටවී ප්‍රාණය නිරුද්ධ වූ අසරණ සතා

by | Jan 29, 2017 | Life, Travel | 0 comments

වාහනයකට යටවී ප්‍රාණය නිරුද්ධ වූ අසරණ සතා
මේ සතා නම් මොකෙක්ද කියලා මම දන්නේ නැහැ. කොළ දිවියෙක් හරි හෝතඹුවෙක් වෙන්න ඇති. අපි යනකොට වාහනයකට හැප්පිලා වැටිලා හිටියා. පණ තියේනම් පශුවෛද්යවරයෙක් ලඟට ගෙනිහින් බේරගන්න කියලා බැලුවේ. නමුත් ඌ ජීවතුන් අතර සිටියේ නැහැ
මේ සිදුවීම වෙලා තිබුනේ අම්පාර – සියඹලාණ්ඩුව පාරේ දමන කැලය හරියේ. හොඳ කෙලින් තියෙන කාපට් පාරක් තිබුණා, පාරේ වාහන නැහැ කියලා ඒ වගේ කැලෑ පාරවල් වල අධික වේගයෙන් ධාවනය කරන්න එපා යාලුවනේ. ගොඩක් වන සතුන් පාර මාරු වෙනවා. දිනපතා මේ ආකාරයට මම දුෂ්කර ප්රදේශවල සංචාරය කරනකොට ඕන තරම් සතුන් මුණගැහෙනවා. විශේෂයෙන්ම තාරකා ඉබ්බෝ. උන්ව ප්රවේශමෙන් පාරෙන් එහා පැත්තෙන් තියලා තමයි මම නැවත ගමන් අරඹන්නේ. මොණරු, දිවියෝ, හාවෝ, මුවෝ, මීමින්නෝ, තලගොයි, කඹරගොයි වගේ පොඩි සත්තු විතරක් නෙමේ දැවැන්ත අලිත් ඕනෑ තරම් මුහුණට මූහුණ මුණ ගැහිලා තියේ.
ප්රවේශමෙන් රිය පැදවීමෙන් අපේ ජීවිත විතරක් නෙමේ අසරණ සතුන්ගේ ජීවිතත් රැකෙනවා…
මදක් සිතන්න…
 
 
 
 
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments