වර්ණ ගැලපීම

by | Apr 5, 2020 | Fashion

වර්ණ ගැලපීම

මේ ටිකේ ඉතිං Working from Home නිසා ටිකක් ගෙදර ඉන්නවා. හැබැයි වෙනදට වඩා බිසී. වෙනදට පාන්දර 1ට නිදාගන්නේ. මේ දවස් වල පාන්දර 3ට නිදාගන්නේ… හැබැයි ඉතිං විඩෙන් විඩේ ලැප් එකේ වැඩ කරලා මහන්සි වුනහම් යාලුවන්ට චැට් එකක් දාන්නත් මේ ටිකේ වෙලාව වෙන් කරනවා….

මුලින්ම උඩ ලින්ක් එකේ වයිබර් ස්ටිකර් පැක් එක Install කරගෙන ඔයා වැඩිපුරම කැමති ස්ටිකර් එක මට වයිබර් වලින් 0703366488 හෝ 0773366488 අංකයට එවන්න. ඊට පස්සේ ඉතිං අපි නිදහස් වෙලාවට චැට් කරමු…

බලමු…. වෙනස් විදිහකට දෙයක් කෙනෙක්ට ඉදිරිපත් කලහම ප්‍රතිචාර කොහොම වෙයිද කියලා…

ඒක නෙමේ, මගේ වර්ණ ගැලපීම කොහොමද කියලත් කමෙන්ට් කරගෙන යන්න. වර්ණ ගැලපීම පොඩි කාලේ ඉඳන් මට තියෙන අමුතුම ආකාරයේ ලෙඩක්. ඔය මම ඇඳලා ඉන්න වර්ණයේ, මල් වාස් එකේ සහ ස්වයංක්‍රීයවම වෙනස් වන ඔරලෝසුවේ මුහුණතේ වර්ණයෙන් තමා මම මේ වෙලාවේ ලැප් එකේ මම කරන නිර්මාණය කරන්නේ…. එහෙම කරනකොට මට හිතට අමුතුම හැඟීමක් එනවා. කරන වැඩේ කාර්යක්ෂම කරන්න පුලුවන්. හැබැයි වට පිටාව කළු/සුදු වෙන්න ඕන. නැතිනම් අමාරුයි.

විශේෂම දේ වෙන්නේ මේ වෙලාවේ මං ලඟට අම්ම එනවනම් එයත් ඉතිං මේ පාටම ඇඳගෙන ඉන්න ඕන. එතකොට මට තවත් හැපි… දැකලා ඇතිනේ මම ගෙදරින් පිටත් වෙනකොට මගේ ෂර්ට් එකේ පාටටම අම්මත් ගවුම ඇඳගෙන ඉන්නවා.

ඔන්න ඔය වගේ පිස්සු විකාරත් මම කරනවා ඉතිං… හැබැයි ඉතිං ඒ හැම දෙයක්ම මගේ Productivity එක වැඩි කරනවා…. මගේ ලයිෆ් එක මම වෙනස්ම විදිහට Enjoy කරනවා.

 

0 Comments