නෙත්මි දු දෙරණ ලිට්ල් ස්ටාර් හි අවසන් 16 දෙනා තෝරන වටයට සූදානම් වන අවස්ථාවේ අපිත් සමඟ සහ ඇගේ පවුලේ අයත් සමඟ ඡායාරූප ගත් අවස්ථාවයි මේ. ඇගේ නර්තන ගුරුවරයා වන සම්පත් ගුරු මහතා විසින් ඇයව හැඩ ගැන්වූ අතර ඇගේ මෙම තරඟ වටයේ ඇඳුම නිර්මාණය සඳහා ෆේස්බුක් එකේ මිතුරු මිතුරියන්ගේ සහයෝගය ලැබුණි. ඔබ සැමට බොහොමත්ම පිං.
වැඩි දුරටත්….
දෙරන ලිට්ල් ස්ටාර් හි අවසන් තිස් දෙදෙනා අතරට තේරිපත්ව සිටින නව වියැති නෙත්මි මදුෂිකා ජයරත්න දියණියයි මේ. ඇය උඩුපිල්ල ශ්රී සරණංකර මහා විද්යාලයේ 4 වසරේ ඉගෙනුම ලබ අධ්යාපනයට මෙන්ම නර්තනයටද විශේෂ දක්ෂතා දක්වන දියණියක්. කිසිදා නර්තනය හදාරා නොමැති ඇය දෙරන නාලිකාවේ ලිට්ල් ස්ටාර් තරඟයට තේරීපත් වන්නේ ඇගේ දහම් පාසලේදී විවිධ කටයුතු වෙනුවෙන් දැක්වූ සහජ හැකියාව හේතුවෙන්. ඇගේ එම හැකියාව හඳුනාගත් එම ප්රදේශයේ දරුවන් රැසකට නර්තනය පුහුණු කරන සම්පත් ගුරුමහතා විසින් ඇයව මෙම තරඟයට යොමු කිරීමට කටයුතු සූදානම් කොට තිබෙනවා. ඒ අනුව මේ තාක් කාලයක් ඇගේ හැකියාව තව තවත් ඔප මට්ටම් කරමින් අවශ්ය ඇඳුම් නිර්මාණ පවා ඔහු විසින්ම සකසා දෙමින් ඇයව ඉදිරියට ගෙන ඒමට සමත් වුනා. ගුරුවරයෙක් වශයෙන් දරුවෙකුගේ හැකියාවන් ලොවක් ඉදිරියට ගෙන යාමට ඔහු මේ සිදු කරන කැපකිරීම සැබවින්ම අගය කළ යුතුයි.
නමුත් මේ දියණියගේ දෙමාපියන් ජීවත් වෙන්නෙ ඉතා අපහසු ආර්ථික මට්ටමක. දියණිය මේ තරඟයට යෑමත් සමඟ අධික වූ වියදම් පියවා ගැනීමට මව දින කිහිපයකට ඉහතදී රැකියාවකට සම්බන්ධ වී තිබෙනවා. පියා ත්රීරෝද රථයක් ධාවනය කර දිනකට උපයන මුදලෙන් ජීවත් වෙන ඔවුන්ට මේ දියණියගේ ඇඳුම් වලට යන වියදම මෙන්ම මාතලේ සිට කොළඹට යාමට ඒමට යන වියදම් දරාගන්න හැකියාවක් නැහැ. නමුත් දහඩිය මහන්සියෙන් උපයන මුදල සම්පූර්ණයෙන්ම යට කර හෝ ආදරණීය දියණියගේ හැකියාව තවත් ඉදිරියට ගෙන යාම මේ පියාගේ එකම සතුට එකම පැතුම වී තිබෙනවා. දියණියගේ පාසල් අධ්යාපන කටයුතු වලට මෙන්ම 10 වසරේ ඉගෙනුම ලබන වැඩිමහල් පුතුගේ අධ්යාපන කටයුතු වලටද යන වියදම් අතරේ, මෙම තරඟය වෙනුවෙන් වැය වන වියදම් සියල්ල දරාගන්න මොහු උපයන මුදල ප්රමාණවත් නැහැ.
දෙරන ලිට්ල් ස්ටාර් ඔබත් නරඹනවා නම් ඇගේ හැකියාවන් ඔබත් දැක ඇති. සැබැවින්ම ඇය දක්ෂයි. කිසිදා නර්තනය හදාරා නැති නෙත්මි දියණියගේ මෙම හැකියාව සහජයෙන් ලද්දක් විය හැකියි. විශේෂයෙන්ම ඇගේ පියාණන් වසර 15 ක් පුරාවට නර්තනය හැදෑරු වෙස් නැට්ටුවෙක් වීමත් ඇගේ මේ උපතින් ලද හැකියාවට බොහෝ විට රුකුලක් වන්නට ඇති.
ඔවුන් සැප සම්පත් බලාපොරොත්තු වන්නේ නැහැ. ආදරණීය දියණිය වෙනුවෙන් පියාණන්ගේ හදවතේ ඇති සෙනෙහස නිසාවෙන්ම ඈ ලොවක් ඉදිරියේ ඇගේ හැකියාවෙන් ඉදිරියට යන අයුරු දැකීමයි ඔහුගේ එකම පැතුම. ඒ වෙනුවෙන් ඔහු කිසිවක් නොව ඊට යන වියදම පියවාගන්නට සහයෝගය පමණමයි බලාපොරොත්තු වන්නේ. නෙත්මි දියණිය අවසන් තරු අතර බබලවන්න අපි හැමෝගෙම පුංචි සහයෝගයකින් උනත් බැරි නැහැ.
Derana Little Star Video December 24 (මිනිත්තු 1.45 සිට බලන්න) : https://youtu.be/W_a9LHA5tng
Derana Little Star Video March 04 (මිනිත්තු 2.04 සිට බලන්න) :
https://youtu.be/-kVgM8ZGdBQ
Photographs used for promotional purposes only!