මිනිසුන්ට උදව් කරනවා කියන එක ලේසි දෙයක් නෙමේ. පිටින් බලන අයට පේන්නේ පෝස්ට් එක දැම්මා, සල්ලි දැම්මා, ATM එකෙන් ගත්තා, බඩු ගත්තා, බෙදුවා, ලස්සන ෆොටෝ එකක් ගන්නවා කියලා.
ඒ ලස්සන ෆොටෝ එක ඒ ආකාරයට ගන්න මං කොච්චර දුක් විඳිනවද කියලා දන්නේ ප්රොජෙක්ට් එකකට ආව කෙනෙකුයි, මගේ වාහනේ ඩ්රයිව් කරන කෙනයි විතරයි. මොකද ඉතිං එයත් ඒ කට්ට කන්න ඕනනේ.
එක පවුලක් වෙනුවෙන් කිලෝමීටරයක් විතර කැලේ මැද්දෙන් බඩුත් අරන් මේ විදිහට යනවා. කැලේ සත්තු සර්පයෝ ඉන්න පුලුවන්. මඩ වලවල්, ඒ දඬු, කටු ගස් වලින් බේරිලා අවසානේ ගෙදර ලඟට ගිහින් ඒ අයට බඩු දුන්නහම ඒ අයගේ සතුට දකිනකොට ඔක්කොම මහන්සිය නැතිවෙනවා…
මේ ගමන මං මේ විදිහට මගේ අවසන් හුස්ම යනකම් යනවා. ඔයාලා හැමෝගෙම ආශිර්වාදය ඕන…







