මිත්‍රත්වය, සහෝදරත්වය මුසු වූ ආත්මීය බැඳීම

by | Dec 16, 2012 | Stories | 0 comments

මිත්‍රත්වය, සහෝදරත්වය මුසු වූ ආත්මීය බැඳීම

මං කලින් කීවානේ ලෝකේ ඉන්න හොඳම යාළුවා ඉන්නේ මට කියලා… ඒත් එක්කම ලස්සනම ලස්සන …. දැන් ඉතිං කට්ටිය හිතිං මවාගන්න එපා එයා තමයි ලස්සනම එක්කෙනා කියලා මේ ලෝකේ… උණහපුලූවට උගේ පැටියා මැණිකක් කියනවනේ… අනේ ඉතිං මටත් ඌ කොච්චර කැත උනත් මගේනේ කියලා හිතලා ලස්සනයි කියලා හිතනවා… එයාට තියෙන්නේ ලස්සන කටහඩක්, ගොඩක්ම ලස්සන මොකක් කියනකොටද දන්නවද? මං එයත් එක්ක ෆෝන් එකෙන් කතා කරන හැම වෙලාවකම ෆෝන් එක තියෙනකොට එයා කියන දෙයක් තියෙනවා…

‘හරි එහෙනම් පරෙස්සමට ඉන්න. කෑම කන්න, බුදු සරණා….යි… බුදුසරණයි මල්ලී…. කියලා ගොඩාක් ඇදලා කියනවා…

ඒක දැනෙනකොට හදවතට දරාගන්න බෑ… පුදුම හැගීමක් දැනෙන්නේ… එවෙලෙම එයාව හොයගෙන යන්න හිතෙනවා… ඒ තරම් ආදරණීයයි… සෙනෙහස ගලා හැලෙනවා…

ඒක අහන්න කැමති නිසයි මං එයා කතා කරන හැමවෙලාවෙම කෝල් එක කට් කරනවට කැමති… මොකද අවසාන මොහොතෙදිනේ ඒක කියන්නේ…

යාළුකමට මිලක් නැති එක කොච්චර දෙයක්ද? එහෙම වුනානම් මට ඔයාව ලබාගන්න තරම් වත්කමක් නෑ… ඔයා ඒ තරමටම වටිනවා…

එයාගේ ආදරණීයත්වය කොහොමද කියලා මගේ යාළුවො ගොඩක් දන්නවා… එයාලත් ඒක විඳලා තියෙනවා… හැබැයි මං තරම් වාසනාවන්ත නෑ කවුරුත්… මොකද එයා මං ලගම ඉන්නවා…

ගුටි කන එක තමයි ඉවසන්න බැරි එකම දේ… දවසට 7,8 පාරක් ඇග හැදෙන්න ඕන කියලා ගහනවා… ඒත් ඒකෙත් අමුතු ගතියක් නැත්තෙමත් නෑ….

සතියක් විතර මං කතා නොදැම්මොත් හිතාගන්න මට ගහලා අත කඩලා කියලා… මොකද උණහපුළු කතාව දැක්ක ගමන් මං හෙට ගුටි කන එක ෂුවර් කනවා… මොකද ඌ කියන්නේ ඌ හාවා කියලා… මං කළවැද්දලූ. ඒත් කැත හාවොත් ඉන්නවා කියලා ඌට අමතක වෙලා… රූපය හොඳට බලන්න… ඒකේ හාවෙක් ඉන්නවා…

මොනවා වුනත් මං ආදරෙයි ඔයාට අහස තරම්… ම්… නෑ නෑ… ඊටත් පොඞ්ඩක් විතර වැඩියෙන්… මං මගේ ගර්ල්ට ආදරේ තරමට වඩා පොඞ්ඩක් අඩුවෙන්… දෙන්නෙක්ගෙන් ගුටි කන්න ඕන නැහැනේ බොරුවට කතා ලියලා… 

හැමදාමත් මගේ වෙලා ඉන්න… මගේ හොඳම යාළුවා විදිහට….

ආදරණීය හාවා වෙනුවෙන් ලියූ සත්‍ය කතාවකි…

~කළවැද්දා~

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments