මනුසත් සුවඳ මහජන පෙළගැස්ම 2018 – Part 01

by | Jan 8, 2018 | Awards | 0 comments

මනුසත් සුවඳ මහජන පෙළගැස්ම 2018 – Part 01

වසර 11 ක් මුළුල්ලේ ෆේස්බුක් මිතුරු මිතුරියන් සමඟ එකතුව මා විසින් සිදු කල අමිල වූ මෙහෙවර ඇගයීමට ලක් කරමින් මනුසත් සුවඳ – Manusath Suwanda පදනම මඟින් සංවිධානය කෙරූ විශේෂ හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මා කැඳවනු ලැබුවා. හතු පිපෙන්නාක් සේ පිපී පරවෙන බොහෝ සමාජ සේවා සංවිධාන අතරේ මෙයද තවත් එක් සමාජ සේවා සංවිධානයක් පමණක්ම නොවන්නට ඔවුන් දරන උත්සහය මා හට එහිදී අවබෝධ වූවා.

මා මේතාක් කෙරූ සෑම කටයුත්තකින්ම ලැබූ අත්දැකීම් තුළින් මනුසත් සුවඳ කණ්ඩායමේ සැමට ඔවුන් මෙලෙස ආරම්භ කෙරූ ගමන සාර්ථක ලෙස කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කළා. කිසිදා නොසිතූ නොපැතූ පරිද්දෙන් මෙවන් කටයුත්තක ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උත්සව සභාවට සපැමිණීමට වරම් ලැබීමද මා නොසිතූ විලස බොහෝ සේ මාගේ කර්තව්‍යයන් ඇගයීමට ලක් කිරීමද මා ඉතාමත් සතුටට පත් කිරීමට හේතු වූවා.

වැඩසිටි ගෞරවනීය ස්වාමීන්වහන්සේ විසින් ද මනුසත් සුවඳ මූලිකත්වය හොබවන මුලසුන දරන සැම විසින්ද මනා අවබෝධයකින් යුතුව මා සිදුකළ සමාජ මෙහෙවර පිළිබඳ ඇගයීමට ලක් කරනු ලැබුවා. ඒ පිළිබඳ මා හට ඇත්තේ කියා නිමකළ නොහැකි තරමේ අපරිමිත සතුටකි.

ඉතා වටිනා තරුණ ජවය නිකරුණේ අපතේ නොයවා තම රට වෙනුවෙන් මෙන්ම මව්බිමේ වෙසෙන අප වැනිම අසරණ දිළිඳු ජනතාවගේ කඳුළ පිසදමන්නට මනුසත් සුවඳ කණ්ඩායම විසින් දරන කැපවීම ඉතා අගය කළ යුතුයි. එමෙන්ම මා මෙන් සමාජ ජාල වෙබ් අඩවි අනිසි ලෙස භාවිතා නොකොට රටට දැයට වැඩදායී ලෙස භාවිතා කරන පිරිසක් මෙසේ බිහි විම මා හට සතුටට කරුණක් වේ. මෙසේ ඔවුන් සැමගේ අගනා වටිනා මෙහෙවර අරඹන මොහොතේ මුල් පියවරේදීම මා විසින් ලබා දුන් උපදෙස් පරිද්දෙන් ඔවුන් සැම යන්නට ඇරඹූ මේ දිගු ගමන සාර්ථක ලෙස සිදුකරගෙන යෑමට ලැබේවායි එකසිතින් යුතුව ප්‍රාර්ථනා කරන්නෙමි.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments