මගේ ලෙඩ බලන්න යාලුවෙක් ආවා

by | Sep 15, 2019 | Life

මගේ ලෙඩ බලන්න යාලුවෙක් ආවා

දවස් ගාණක් තිස්සේ මට උණ හැදිලා ඇඳෙන් නැගිටගන්නවත් බෑ. කැම කිසි දෙයක් කන්න බැහැ අප්පිරියයි. මම නිකමට පෝස්ට් එකක් දැම්මා පුලුවන් අයට මාව බලන්න එන්න කියලා. මම කන්න කැමති කෑමත් මං පෝස්ට් එකේ දැම්මා. මේ තියෙන්නෙ මට ලැබුණ (ගෙනාව) කෑම. ගොඩක් අය ගෙනාපුවා නෙමේ මේ, එක්කෙනෙක් අරන් ආපුවා.

ෆේස්බුක් එකේ, ඉන්බොක්ස් එකෙන් මට මැසේජ් එන විදිහට, ආදරෙයි කියන විදිහට, මාව බලාගන්නම් කියලා කියන විදිහට මං හිතුවේ මාව බලන්න එන අයව පාලනය කරන්න පොළිස් මාර්ග බාධක දාන්න වෙයි කියලා.

අපේ අය ඉතිං අසනීප වුණා, උදව්වක් ඕන වගේ පෝස්ට් දකින්නේ කලාතුරකින්. ඒවාට ලයික්, කමෙන්ට්, ශෙයාර්ස් එන්නෙත් අඩුවෙන්. වෙන පෞද්ගලික ජීවිතේ දේවල් වලට තමා ගොඩක් අය ප්‍රමුඛත්වය දෙන්නේ.

ෆේස්බුක් යාලුවෝ 3,100න් අන්තිමේදී එක යාලුවෙක් ආවා. නමක් සඳහන් කරන්න ඕන නැහැ. ගොඩක් පිං මිත්‍රයා… දවස් 3කට පස්සේ සතුටට ඇඳෙන් නැගිටගන්න පුලුවන් වුනා. ඔයා ගෙනාපු බත් එකෙන් බත් කටක් කෑවා…. මෙච්චර දෙයක්නම් බලාපොරොත්තු වුනේ නැහැ ඉතිං….

කෝල්/මැසේජ් කරලා සුවදුක් විමසපු, බෙහෙත් බොන්න කියලා බැනලා තර්ජනය කල සහ ගෙදර එන්න පාර අහපු අයටත් ගොඩක් පිං….

සමහරවෙලාවට ලෙඩක් හොඳවෙන්න බෙහෙත් වලට වඩා මේ වගේ දේවලුත් වටිනවා.

 

0 Comments