දවසට චැට් 500කට වඩා එනවා, “මොකද කරන්නේ” කියලා අහලා. මං දෙන උත්තරේ “වැඩ” කියලා. ඊට පස්සේ අහනවා මොනවද වැඩ” කියලා.
මෙන්න මෙහෙමයි මම වැඩ කරන්නේ සහ මගේ දවස ගෙවන්නේ…. දවස් 365ම මෙහෙමයි. ඒක නිසා ආයේ අහන්න අවශ්‍යතාවයක් නැහැ.
උදේ 7 – සංචාරය ආරම්භ කරනවා. ගමින් ගමට යනවා ලංකාව පුරා අසරණ පවුල්, විහාරස්ථාන සොයමින්. කාර් එකේ යන අතරමග දවසේ සිදු කරන වැඩසටහන් වල පෝස්ට් දානවා ෆේස්බුක් එකට. (මැසෙන්ජර් කෝල් ගන්න එපා කියන්නේ ඒකයි. මොකද කෝල් එක එනකොට මට වැඩ කරන්න බැරි වෙනවා. ඇප් එක Close වෙනවා. ඉවසලා ඉවසලා බැරිම තැනක් ආවොත් බ්ලොක් කරලා දාන්න වෙනවා. ඒකට සමාවෙන්න.)
සවස 6 වෙනකන් ව්‍යාපෘති කරනවා. මොකද 6න් පස්සේ ඡායාරූප ගන්න බැහැ කලුවර නිසා.
6න් පස්සේ එක්කෝ තවත් කිලෝමීටර් 100ක් විතර දුර ගමකට ට්‍රැවල් කරනවා. නැත්නම් කොහෙ හරි නතර වෙනවා. කෑම වේල් 1ක් හෝ 2යි දවසකට ලැබෙන්නේ.
ඊට පස්සේ පාන්දර 1 වෙනකම් දවසේ වැඩසටහන් වාර්තා සකස් කරලා ෆේස්බුක් අප්ලෝඩ් කරනවා, පෝස්ට් ලියනවා, ෆොටෝ එඩිට් කරනවා…. ඕවා තමයි කරන වැඩ. දවස් 365ටම මට දෙන්න තියෙන උත්තරේ එකයි ඉතිං….
පුණ්‍යභූමි වැඩසටහනට ලියාපදිංචි වුණ පන්සල් වල වෙබ් අඩවි නිර්මාණය සහ අපගේ ඩේටාබේස් එකට කරුණු ඇතුලත් කරන එක තමා මාසයක තිස්සේ මම කරන්නේ. ඉදිරි මාස 2දීත් මේ වැඩසටහන සිදු කරන්න බලාපොරොත්තු වෙනවා…
කොච්චර මහන්සි වුනත් හැමදාම පාන්දර 1 වෙනකම් මේ වැඩ ටික කරනවා.








0 Comments