බුත්තල සෙනෙහසේ චාරිකාවේ දෙවෙනි දවස අරඹන්නට සූදානමින්

by | Jan 22, 2017 | Getting Ready | 0 comments

බුත්තල සෙනෙහසේ චාරිකාවේ දෙවෙනි දවස අරඹන්නට සූදානමින්
දවස පුරා මං වැඩ ගොඩක් කරනවා. ලංකාව පුරා ඇවිදිනවා. හැමෝම අහනවා මෙච්චර දේවල් කරන්න වෙලාව කොහෙන්ද කියලා. උදේට නැගිටලා නාලා කරලා එන්න විතරයි තියෙන්නේ. මං කිරි බොන්නේ නැහැනේ. ඉතිං ප්ලේන්ටි එක ලඟටම එනවා. කවුරුහරි මාරි බිස්කට් එකකුත් පොඟවලා කවන ගමන් තේ එක පොවනවා.
එදා දවසේ අඳින ඇඳුම් (උපරිමය 25 දක්වා) සියල්ල මැදලා කරලා අනික් දේවල් එක්ක ලැහැස්ති කරලා ඇඳ උඩ තියෙනවා. මට තියෙන්නේ ඇවිත් ඇඳගන්න විතරයි. උදේට දවල්ට රෑට වේල් තුනම කවනවා. ඉතිං මෙහෙම කරනකොට මට දවස පුරා හැම තත්පරයක්ම ඉතුරුයි අනික් අය වෙනුවෙන් කැපවෙන්න…
හැමෝටම මෙහෙම ජීවිතයක් ලැබෙන්නේ නැහැ. I’m so blessed to have my loving family…
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments