පොලොන්නරුව, දැහැමිගම අම්මා ගොඩක් අසනීපෙන්

by | Feb 6, 2016 | Project | 0 comments

පොලොන්නරුව, දැහැමිගම අම්මා ගොඩක් අසනීපෙන්
අපි මුලින්ම හිසට සෙවනක් ව්යාපෘතියෙන් නිවසක් හැදුව මේ අම්මට. එයා හොඳටම අසනීප වෙලා. ඉස්පිරිතාලේ ඉඳලා ලඟ ඉන්න කෙනෙක් නැති නිසා දොස්තරලා කියලා කැමතිනම් අත්සන් කරලා ගෙදර යන්න කියලා. ප්රෙෂර් වැඩි වෙලාලු. පව්.
දුවට ලඟ ඉන්නත් බෑනේ එයාටත් මානසික ආබාධයක් තියේනේ. මම වියදමට රු.1,000ක් දුන්නා.

Sasanthi Chamarika

අක්කා තමයි මුදල් දුන්නේ.

මම ටිකක් හොයලා බැලුවා ගෙවලා හරි කවුරු හරි ලඟින් තියන්න ඉස්පිරිතාලේ. ඒත් හරියන්නේ නැහැ. මිනිස්සු සල්ලි අරන් නිකා ඉඳී. කොහොමත් එහා පැත්තේ ඉන්න පුතයි, ලේලිවත් විස්වාස නැති කොට මං කාව විස්වාස කරන්නද. අපි ගිහින් දුන්න කොට්ටත් හොරකම් කරලා කවුරු හරි. කෑම පවා හොරකම් කරනවා. අනේ මන්දා මෙහෙමත් රටක්…
අර මං හැමදාම දකින හිනාව අද අම්මගේ නෑ, ඒ වෙනුවට මගේ ඇස් දෙකෙන් කඳුළු කැට දෙකක් වැටුණා… අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්රාර්ථනා කරනවා මම. ඔයාලත් ප්රාර්ථනා කරන්න
 
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments