අදත් ප්‍රොජෙක්ට වැඩ අවසන් වෙලා අපි පොළොන්නරුව හොටෙල් එකේ නතර වුණා…
තව ඉතිං පැයක් යනකන් වගේ, පාන්දර 1 – 2 වගේ වෙනකම් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට දිනයේත්, පහුගිය සතියේ වෙබ් අඩවි නිර්මාණය කරගන්න ලියාපදිංචි වූ පන්සල් 25කට වෙබ් අඩවියේ අත්පොත සහ Login details යවන්න අපි අද දවසෙදි සූදානම් කරනවා. මම තමයි මූලිකව වෙබ් සයිට් එක නිර්මාණය කරලා ඡායාරූප ඇතුලත් කරලා වර්ණ ගලපන්නේ. ෆේස්බුක් යාලුවෝ අන්තර්ගත කරුණු සිංහලෙන් ටයිප් කරලා දෙනවා. මල්ලි ඒ තොරතුරු වෙබ් සයිට් එකට ඇතුලත් කරලා වෙබ් සයිට් එකේ චැට් සිස්ටම් සහ අනෙකුත් Settings හදනවා. ඒත් එක්කම ඩොමේන් ලියාපදිංචිය මල්ලි කරන්නේ. Server එක භාරව මම කටයුතු කරනවා. ඉසුරු මල්ලි කොළඹ ඉඳන් සහය වෙනවා ඊමේල් ඇඩ්‍රස් හදලා ඒවා Configure කරන්න. නිර්මාල් මිතුරා කුරුණෑගල ඉඳන් ලෝගෝ නිර්මාණය කරනවා. ප්‍රසාදි අක්කා විරකැටිය ඉඳන් සම්බන්ධීකරණ කටයුතු සහ උපදෙස් දීම කරනවා. සද්ධානන්ද හාමුදුරුවෝ අනුශාසනා කටයුතු කරනවා. ඇත්තෙන්ම මේ ව්‍යාපෘතිය එකිනෙකට කවදාවත් නොදැක්ක මිතුරු මිතුරියන් රැසක් එකතුවෙලා කරන පුණ්‍යකර්මයක්.
හරි හැටි නින්දක් කෑමක් නැතුව අපි මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවෙනවා. බොහෝ විහාරස්ථාන වල ස්වාමීන්වහන්සේලා අපගේ මේ කැපවීම දකින්නේ නැහැ. හැමෝම දකින්නේ කාර් එකෙන් බැහැලා අපි නිකන් බිස්නස් එකක් කරන්න ආව අය වගේ… නමුත් වෙබ් අඩවියක් හදනවා කියන එක ෆොටෝ කොපි ගහනවා වගේ ලේසියෙන් කරන්න බැහැ. අපි ගොඩක් මහන්සි වෙනවා පන්සල් වෙනුවෙන් මේ වැඩසටහන කරන්න.
දැනට පන්සල් 250කට ආසන්නව අපිත් එක්ක සම්බන්ධ වෙලා තියේ… 300 සම්පූර්ණ වු පසු මේ සියල්ල ප්‍රසිද්ධ කරන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා..
දවස ගානේ හැමෝම එකම ප්‍රශ්නේ අහනවා දවස පුරා. මොකද කරන්නේ, MK. ඔච්චරයි ගොඩක් අය අහන්නේ. ඊට පස්සේ පිස්සෙක් වගේ මැසෙන්ජර් කෝල් ගන්නවා. කරුණාකර කෝල් ගන්න එපා. එය වැඩට බාධාවක්. ඔබ නිකන් ඉන්න පුලුවන්. ඔබට නිවාඩු දවසට නිදහස ඇති, පෝයට නිදහස ඇති. 5ට ඕෆ් වෙලා ගෙදර එනවා ඇති. නමුත් අපි වැටුපට වැඩ කරන අය නෙවේ. අනුන් වෙනුවෙන් කැපවෙන අය වෙලාව බලන්නේ නැහැ. නිවාඩු ගන්නේ නැහැ. කරන දේ දැනගන්න පුලුවන් විනාඩියක් වෙන් කරල ෆේස්බුක් ප්‍රොෆයිල් එක විවෘත කරන්න. උදේ සිට සියලුම දේවල් එහි සඳහන් කරනවා. කෑව බීව නෑව එකේ පටන්. ඔබ සමාජසත්කාර වෙනුවෙන් දායකත්වය (ශ්‍රම/මූල්‍ය/දැනුම) දක්වන අයෙක්නම් කෝල් එකක් ගත්තට කමක් නැහැ ඕනෑම වෙලාවක. නමුත් පෞද්ගලිකව නිදහසේ කතා කරන්නනම් වෙලාවක් නැහැ…. ඒක නිසා කරුණාකර මැසෙන්ජර් කෝල් ගන්න එපා. අවශ්‍යයිනම් ව්‍යාපාරික හෝ සමාජසත්කාර කටයුත්තක් නම් 0701 10 10 10 අංකයට කතා කරන්න.
Thank you Suraj, මල්ලියි මායි එකට වැඩ කරන ෆොටෝ එකක් අරන් දුන්නට. මල්ලි මගේ ෆොටෝ ගන්න නිසා එයා ගොඩක් වෙලාවට ෆොටෝ වල නැහැ. අද අපි වැඩ කරන විදිහ බලාගන්න පුලුවන්… දවසකට 2,000 ආසන්න කලාත්මක ෆොටෝ ගන්නේ මල්ලි. ඒ සංවේදී ඡායාරූප ගැනීම සම්බන්ධව ගෞරවය ලැබෙන්න ඕන එයාට.
එහෙනම් හැමෝටම ගුඩ් නයිට්. දැන්නම් ඉතිං මෝනින්… ගොඩක් අය නිදි. රට වෙනුවෙන් කැපවෙන අපි වැඩ…. තව ඉතිං ෆේස්බුක් කීබෝඩ් වීරයොත් ඇහැරලා ඇත්තේ….
හෙට අපි නැවත පොළොන්නරුව, ජයන්තිපුර, ගිරිතලේ, දියබෙදුම යන ප්‍රදේශවල සංචාරය කරනවා.



























0 Comments