පසුගිය වසරේ අම්මලා තාත්තලා 20 දෙනෙක් අපි වන්දනා ගමනක් එක්කරගෙන ගියා ඔබට මතක ඇති.ඉතිං ඒ වෙනුවෙන් ඔවුන් මටත් අයියාටත් උපහාර දැක්වූ අයුරුයි මේ

by | Jan 12, 2019 | Awards | 0 comments

පසුගිය වසරේ අම්මලා තාත්තලා 20 දෙනෙක් අපි වන්දනා ගමනක් එක්කරගෙන ගියා ඔබට මතක ඇති.ඉතිං ඒ වෙනුවෙන් ඔවුන් මටත් අයියාටත් උපහාර දැක්වූ අයුරුයි මේ

නොවැම්බර් 25 වැනි දින ඔවුන් සියලුම දෙනාම රැස්වී මේ උපහාරය පිළිගැන්වූ අතර මා ඒ දිනවල අසනීපයෙන් පසුවූ නිසා එයට සම්බන්ධ වෙන්න නොහැකිවුණා. එම වන්දනා ගමන 2018 වසරේ මාගේ අවසාන පිංකම වු අතර ඉන්පසුව මා දියතලාවට පැමිණියේ අද දිනයි. එහිදී ඒ අම්මලා තාත්තලා පිළිගැන්වූ උපහාරය මාගේ නෙත ගැටුණු අවස්ථාවේ මාගේ නෙතට කඳුළු ඉනුවා. මේ ඔවුන්ගේ හදවතේ ඇතිවුණ හැබෑ සතුටයි….

“ප්‍රජා සත්කාරය” පෙරටු කරගෙන
හදවත් පුරවාගත් සෙනෙහසින්
වියපත් මෑණිවරු සහ පියවරු
කණ්ඩායමක්
සුදෝ සුදු වතින් සරසගෙන
“දෑතට දුන් මල් මිට” සමග
ඓතිහාසික
සෝමාවතී චෛත්‍ය රාජයා,
අටමස්තානය ඇතුළු සිද්ධස්ථාන
කිහිපයක්
වන්දනාමාන කරගෙන
ඒ ඇත්තන්ගේ ජීවිත වලට
පින් කන්දක් රැස්කර ගැනීමට
යෝධ ශක්තියක් වී
ඒ අයගේ දෑස් වලට
“සතුටු කඳුළු”
උතුරා යාමට කටයුතු කළ
“ධනේෂ් මධුරංග එදිරිසූරිය / මනෝජ් ප්‍රසන්න කරුණාසේන” පුතේ !
ඔබට පොලිස් කන්ද
සෙත්සිරි ජේෂ්ඨ පුරවැසියන්ගේ
හද පතුලෙන් උතුරා යන
ආදරය පිරි උපහාරයයි මේ.

සෙත්සිරි ජේෂ්ඨ පුරවැසි සංවිධානය
පොළිස්කන්ද – දියතලාව
2018-11-25

ඇත්තෙන්ම මෙම උපහාරය ලැබිය යුත්තේ මටවත්, Manoj Prasannaටවත් Udeshi Samaraweera නංගීටවත් නොව මේ පිංකමේ සියලුම බරපැන දැරූ මේකලා නංගීගේ මව ඇතුළු සියලු දෙනාටයි. අප තිදෙනා සිදුකලේ ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීමට කැපවීම පමණි.

මීට වසර 20 කට පෙර මිය පරලොව යන්නට යෙදුනාවූ ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සෙනෙහෙබර බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රනාන්දු මහත්මියත් Mekala Sankapali Fernando දියණියත් පණ්ඩුක ප්‍රනාන්දු වන පුතණුවනුත් ඉමිහිරි පෙරේරා වන බෑණනුවන් හා තෙහාන් පෙරේරා මුණුබුරා යන සියළුම දෙනා එකට එක්ව ප්‍රනාන්දු මහතාට පිං පැමිණවීම උදෙසා මෙම පිංකම සිදු කරන ලදි.

මේ පිංකමේ ආනුභාවයෙන් ප්‍රනාන්දු මහතා යම් ආත්මභාවයක් ලබා ඇත්නම් ඒ ජීවිතයද ආලෝකමත් වේවා…. සැපයෙන් සැපයට පත් වේවා… ධර්මයේ සුවය පිහිට නිරතුරුවම ලැබීමටත් ඒ තුළින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටත් මේ කුසලය ආශිර්වාදයක්ම වේවා… මොනයම් හෝ හේතුවක් නිසාවෙන් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් වහා ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලබා අනේක පින් රැස් කොට උතුම් නිර්වාණාවබෝධය ලැබීමට හැකියාව ලැබේවා…

එමෙන්ම මෙම උතුම් පුණ්‍යකර්මය සඳහා ඒකරාශී වූ ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සෙනෙහෙබර භාර්‍යාවටත්, දියණියත්, පුතණුවන් බෑණනුවන් හා මුණුබුරා හටත් මේ සිදු කරගත්තාවූ කුසලානිසංසයේ බලයෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් උදා වේවා…. ලෙඩ දුක් රෝග පීඩා කිසිවක් නොම වේවා… කරන කියන සිතන පතන සෑම කටයුත්තක්ම ඒ අයුරින්ම ඉටු වේවා… රැකී රක්ෂා මෙන්ම අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. තව බොහෝ පින් දහම් සිදු කරමින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටද ඔබ සියළු දෙනාටම හැකියාව ලැබේවා…

අම්මලා, තාත්තලා එක්ක වන්දනා ගමනක් – 6 (2018)

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments