“දේශකීර්ති ශ්‍රී ලංකාපුත්‍ර” ගෞරව සම්මාන උපාධිය

by | Dec 24, 2016 | Awards | 0 comments

“දේශකීර්ති ශ්‍රී ලංකාපුත්‍ර” ගෞරව සම්මාන උපාධිය
වසර 10ක් පුරාවට රටට, ජාතියට, ආගමට කල සේවය වෙනුවෙන් අද දිනයේදී මා හට “දේශකීර්ති ශ්රී ලංකාපුත්ර” යන ගෞරව සම්මානය ප්රදානය කරන ලදි…
දරුවෙක්, සහෝදරයෙක් විදිහට මගේ පවුලේ අය වෙනුවෙන් මට ලබාදෙන්න පුලුවන් උපරිම ගෞරවාදරය අද මම ඔවුනට මෙලෙස ලබාදුන්නා… අද මගේ පියා ජීවතුන් අතර නැති වුණත් මං දන්නවා ඔහු සිටිනා තැනක සිට මට ආශිර්වාද කරන බව…
—————————————————————————
ශ්රීමත් අනගාරික ධර්මපාලතුමාගේ දෑහිතකාමී චින්තනය ගමින් ගමට ගෙනයාම සඳහා (වර්ෂ 1970-2016) මීට 46 වසරකට පෙර ඇරඹූ ශ්රීමත් අනගාරික ධර්මපාල පරෝපාකාර පදනම එහි යාවජීව සාමාජික භවතුන් වෙත ඔවුන්ගේ ජාතික, ආගමික, ශාසනික හා අධ්යාපන ආදී විශිෂ්ට සේවාවන් අගය කරමින් ගරු බුහුමන් පිදීමේ සද් කාර්යය සපථ කරමින්,
“බී. ධනේෂ් මධුරංග එදිරිසූරිය” මහත්මාණන් වෙත
දම්පල් පදනමේ ත්රෛයිනිකායික ලේඛක නාහිමිපාණන් වහන්සේලා සහ උත්තරීතර මණ්ඩලයේ සමානච්ඡන්දයෙන්,
“දේශකීර්ති ශ්රී ලංකාපුත්ර” යන ගෞරව සම්මාන උපාධිය
පිරිනැමීමට තීරණය කර, ඊට අදාල ලිඛිත සංදේශය ශ්රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ගරු සභාපති කම්මට්ඨානාචාර්ය අතිපූජ්ය දොඩම්පහළ චන්ද්රසිරි මහා නාහිමිපාණන් වහන්සේගේ සුරතින් ශ්රී බු.ව. 2560/2016ක් වූ සැප්තැම්බර් මස 17 වැනි දින සබරගමු පළාතේ – කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල, බෙලිගම්මන විද්යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරස්ථ දම්පල් පදනම – කෑගල්ල දිස්ත්රික් මූලස්ථානයේදී ප්රදානය කරන්නට යෙදුනා.
අද දෙසැම්බර් 24 වෙනි දින නිළ වශයෙන් එම සන්නස් පත්රය ප්රදාන කිරීම හෝමාගම පුරාණ රජමහා විහාරයේදී සිදුකරනු ලැබුවා.
වැඩිදුරටත් :
මේ ගෞරව නාමය මාහට පමණක් නොව එදා මෙදා තුර SamajaSathkara.lk හා ශ්රමයෙන්, මුදලින් සහ නන් අයුරුන් දායකවූ සැමට අයිති බව මා මතක් කර සිටිනවා.
ඒත් එක්කම අද දින ගෞරව සම්මාන උපාධියෙන් පුද ලද ලාබාලම පුද්ගලයා* වීමද මා ලද භාග්යයකි.
සැමටම මට කියන්න තිබෙන එකම දේ එදා මෙදා තුර මාහට හිමිවූ සම්මාන, ගෞරව නාම, සහතික සියලුම දේ ලබාගන්න එක අපහසු කාර්යයක් නෙමේ, ඔබටද ඒ සඳහා අවස්ථාව, හැකියාව තිබෙනවා. අද වෙන තෙක් මාහට ඒ සඳහා අවශ්ය වුනේ පරාර්ථකාමී හිතක් සහ ජංගම දුරකතනක් පමණි. රටේ වෙනසක් කරන්නට මට ඒ දෙක හොඳටම ප්රමාණවත් වුණා. දේශපාලනයෙන් තොරව රටේ වෙනසක් මෙලෙස ඇතිකරන්නට හැකි බව වසර 7ක් පුරාවට මාගේ ෆේස්බුක් සිටින ඔබට පැහැදිලි වෙනවා ඇති.දිවි තිබෙන තුරා රට, ජාතිය, ආගම වෙනුවෙන් (සකල ලෝක වාසී සියලුම සත්වයින් වෙනුවෙන්) කැපවෙන බවද, දිවි තිබෙන තුරා දේශපාලනයට සම්බන්ධ නොවන බවද මෙයින් දැනුම් දෙමි.
දේශකීර්ති ශ්රීලංකා පුත්ර ධනේෂ් මධුරංග එදිරිසූරිය
නිර්මාතෘ, අධ්යක්ෂක – SamajaSathkara.lk
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments