දහසක් වූ සුවඳ මල් පූජාව

by | May 6, 2017 | Ashirwadha | 0 comments

දහසක් වූ සුවඳ මල් පූජාව
දහසකුත් ෆේස්බුක් මිතුරන් අතරේ මගේම සොයුරු සොයුරියන් සේ ආදරය සෙනෙහස දක්වන සමාජසත්කාර හා එක්වුන පවුලේ කෙනෙකු මෙන් මා හට සමීප පිරිසක් සිටිනවා. එවන් වූ මාගේ දයාබර මිතුරියක් මේ වන විට තම ස්වාමිපුරුෂයාගේ අසනීප තත්වයක් හේතුවෙන් ගැටලු රැසකට මුහුනපා සිටින නිසා ඇය මගෙන් ඉල්ලා සිටියේ කිසියම් හෝ එක් පින්කමක් ඇයගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් සිදු කර ආශිර්වාද ලබා දෙන ලෙසයි.
ඇය අප හා දිගු කලක සිට සම්බන්ධ වී සිටින බොහෝ පින්කම් සදහා දායක වූ මිතුරියක්. සැබැවින්ම මගේම සහෝදරියක් හා සමානයි. එනිසාවෙන්ම ඇය වෙනුවෙන් එක් පින්කමක් වෙනුවට දින හතක් පුරාවට ආශිර්වාද පතා පින්කම් රාශියක් සිදු කිරීමට මා සිතුවා. එහි පළමු දිනය අදයි. මුල්ම පිංකම සිදුකිරීමට මා තෝරාගත්තේ සමාජසත්කාර බුද්ධ මන්දිරයයි. මේ බුද්ධ මන්දිරය ගොඩනැගීමේදී ඇය සුවිශාල දායකත්වයක් ලබාදුන් කෙනෙක්.
පලමුකොට අද දින උදෑසන සුදු ඇදුමින් සැරසී දහසකුත් ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් ඉදි කෙරූ සමාජසත්කාර බුද්ධ මන්දිරය වෙත ගොස් මළුව ඇමද, සුවඳ මල් 1000 (දහසක්) පුදා උතුම් වූ ශ්රී සද්ධර්මයේ ආශිර්වාදයද, ත්රිවිධ රත්නයේ ආශිර්වාදයද ලබාගත්තා. සොයුරිය ඔබ මෙතෙක් සිදු කරගත්තාවූ සියලු පින්දහම්හි ආනුභාව බලයෙන්ද අද දින අප විසින් රැස් කරගත්තාවූ කුසලයන්ගේ බලයෙන්ද ඔබේ ස්වාමිපුරුෂයාගේ සියලු රෝග පීඩා දුරු වී නිරෝගි සුවය උදාවේවා…. කාය චිත්ත පිඩාවන් සියල්ලක්ම දියෙහි ඇදි ඉරක් සේ පහව යේවා…. සිතෙහි සතුට සැනසුම උදාවේවා….
මේ ඔබ සියලුම දෙනාගේ ආශිර්වාදය ඇයට මෙන්ම ඇයගේ ස්වාමිපුරුෂයාට අවශ්ය මොහොතයි…
ශ්රී සෞභාග්ය ධෛර්ය, බුද්ධි තේජස්‌ ඇත්තා වූ ද ජය සිද්ධිමහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූද
අප්රමාණ පුණ්යසම්පත්තියක්‌ ඇත්තා වුද සකලාන්තරාය දූරිභූත කිරීමේ ශක්‌තිය ඇත්තා වූද
ඒ භාග්යවත් අරහත් සම්යක්‌ සම්බුද්ධයන් වහන්සේගේ
දෙතිස් මහා පුරිස ලකුණු අනුහසින් ද
අසූ අනූව්යඤ්ජන ලකුණු අනුහසින්ද
එකසිය අටක්‌ මඟුල් ලකුණු අනුහසින්
සවණක්‌ ඝණ බුදුරැස්‌ අනුහසින්ද
කේතුමාලාවේ අනුහසින්ද
දස පාරමිතාවන්ගේ අනුහසින්ද
දස උප පාරමිතාවන්ගේ අනුහසින්ද
දස පරමත්ථ පාරමිතාවන්ගේ අනුහසින් ද
සීල සමාධි ප්රඤඅවන්ගේ අනුහසින් ද
සම්බුදුරදුන්ගේ අනුහසින්ද
සදහම් බලයේ අනුහසින්ද
මහ සඟරුවනේ අනුහසින් ද
තේජස්‌වල අනුහසින්ද
ඉර්ධිවල අනුහසින්ද
බලපරාක්රමයේ අනුහසින්ද
දැනගත යුතු ධර්මයේ අනුහසින් ද
අසූහාර දහසක්‌ ධර්මස්‌කන්ධයේ අනුහසින්ද
නව ලෝකෝත්තර ධර්මයේ අනුහසින්ද
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අනුහසින්ද
අටසම්වත් අනුහසින්ද
ෂඩ් අභිඥවන්ගේ අනුහසින්ද
මෛත්රී කරුණා මුදිතා උපේක්‌ඛ ගුණ අනුහසින්ද
සියලු පාරමිතාවන්ගේ අනුහසින්ද
අයියාගේ සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද, සියලු දුක්‌ දොම්නස්‌ ද දුරුවේවා.
තෙරුවණ් සරණයි…
මේ සිදුකලාවූ කුසලයේ ආනුභාවයෙන් රෝගාතුරව ඉන්නා මාගේ අම්මාද, සමාජසත්කාර ඔස්සේ හදවත් සැත්කමකට ලක්කර සුවවෙමින් සිටිනා ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේටද ඉක්මන් සුව ප්රාර්ථනා කරනවා.
දැකබලා සතුටු වන ෆේස්බුක් ඔබ සියලුම දෙනාටද මේ කුසලය අනුමෝදන් වෙත්වා…
මල් සොයා දීමට වෙහෙස මහන්සි වූ අපේ අයියාටද,Manoj Prasanna බොහොමත්ම පිං.
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments