දවස් කිහිපයක් මේ විදිහට ඉන්න වෙයි වගේ

by | Mar 5, 2019 | Life | 0 comments

දවස් කිහිපයක් මේ විදිහට ඉන්න වෙයි වගේ

දවස් කිහිපයක් මේ විදිහට ඉන්න වෙයි වගේ… වෙලාවට බෙල්ල හොලවන්න බැරි වුණාට ඇඟිලි හොලවන්න පුලුවන්. මෙහෙම ඉන්න ගමන් ෆේස්බුක් ප්‍රොජෙක්ට් පෝස්ට්වත් ලියන්න පුලුවන්නේ… එකම දේ ෆෝන් එක දිහා බලාගෙන ඉන්න එක අමාරුයි… ෆෝන් එක උඩ එල්ලලා තමයි වැඩ කරන්න වෙන්නේ…

නිදාගන්න එක තරම් අමාරු වැඩක් නෑ තවත්…. කොයි පැත්තට බෙල්ල හරවන්න ගියත් වේදනයි… ඉක්මනටම සනීප වුනොත් ප්‍රොජෙක්ට් වලට යන්න පුලුවන්…

දවල් දවස ගෙවන එක තමා එපා වෙන්නේ. කවුරු හරි ලඟ ඉන්නවනම් වැඩි අමාරුවක් නැහැ.

කරඬුව සරසන එක ප්‍රමාද කරන්නත් බැහැ. මේ මාසේ පූජා කරන්න ඕන. පුලුවන් අය ඒක සරසලා මාවත් බලලා කවලා පොවලා යන්න එන්න….

විභාගේ හෙටයි කියලා තියෙද්දි මාව දියතලාව ඉඳන් ගෙදරට එක්කරගෙන ඇවිත්, බෙහෙත් අරන් දුන්න ඉසුරු මල්ලිටත්, ගොඩක් දුර ඉඳන් ඇවිත් කවලා පොවලා මාව බලාගත්ත ධනංජය මල්ලිටත් බොහොම පිං.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments