ඔන්න ඉතින් මට කොරෝනා කාලේ හොයාගත්ත අලුත්ම රෙසිපි එකකින් අල පරාටා හදලා කැව්වා. කොච්චර ලොකු උනත් ඉතින් තාම හුරතලෙනේ… දැන් සති 2-3කට කලින් ගියේ. තවමත් මම යහතින් ඉන්න නිසා අවුලක් නෑ ඉතින් රෙසිපියේ….
හදන්න කැමති අයට අන්තර්ජාලයෙන් උපුටගත්තා රෙසිපි එකක් පහත සඳහන් කරලා තියෙනවා.
කවාගන්න ඉතින් මගේ අප්පුච්චනම් දීලා බෑ, ඔයාලා කෙනෙක් හොයාගන්න….
පොඩි එකාගේ හුරතලේ බලන්න මේ ලින්ක් එකට යන්න. https://www.daneshedirisooriya.lk/category/gossip/
රසම රස අල පරාටා හදමු
*************************
අවශය ද්රව්ය :
ආටා පිටි කෝප්ප 1
ලුණු
තෙල් ස්වල්පයක්
අර්තාපල් ගෙඩි 2-3
අමුමිරිස් කරල් 2
සුදුරැ ඇට කිහිපයක්
කොත්තමල්ලි කොළ
බි ලුණු
ගරම් මසාලා තේ හැදි 1/4
පිරවුම සාදන ආකාරය :
අල හොදින් පොඩිවන ගානට තම්බා ගන්න.පොතු හැර හොදින් පොඩි කරගන්න. එයට අමුමිරිස් සුදුරැ ගරමි මසාලා ලුනු බි ලුණු හා කොත්තමල්ලි කොළ දමා හොදින් අනා ගන්න. දැන් පිරවුම ලැස්තියි. පිරවුම කොටස් වලට වෙන් කර බෝල 5 හෝ 6 පමණ හදාගන්න. පරාතා සාදා ගන්න විධිය දැන් බලමු.
ආටා පිටි කොප්පයතට ලුනු තෙල් හැදි 1-1/2 දමා හොදින් මොලොක් වන තුරැ අනාගන්න. ඉන්පසු එයින් පිටි බෝල කිහිපයක් හදා ගන්න. 5 හෝ 6 පමණ. සාදාගත් පිටි බෝල රෝලර් පින් එකකින් හොදින් රොටියක් ආකාරයට තුනී කර ගන්න. රොටියක් ආකාරයට සැදු පරාතා එක මත අල බෝලයක් තබා එය වසා ගන්න. දැන් එය නැවතත් රෝලර් පින් එකක් ආධාරයෙන් රොටියක් සේ තුනි කර ගන්න. රොටි තැටිය රත් කර එයට තෙල් බින්දු කිහිපයක් දමා සාදාගත් පරාටා එක දමන්න.පරතා එක මත බුබුලු ආකාරයට එන විට තෙල් බින්දු කිහිපයක් පරාතා එක මතට දමා අනෙක් පස හරවා පිසගන්න. දැන් චිකන් කරියක් හෝ පරිප්පු හෝ සාම්බාරැ හෝ මුදවපු කිරි සමග කෑමට ගත හැකියි.
Location : දියතලාව







