කවද හරි මං මැරෙනවනම් මැරෙන්නේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා, එහෙමත් නැතිනම් මෙහෙම ෆෝන් එක ඔබ ඔබා ගිහින් කන්දකින් පහලට වැටිලා, වාහනේක හැප්පිලා එහෙමත් නැත්නම් වලක වැටිලා…
කෙල්ලෙක්ගෙන් ගුටි කලා මැරෙන්න තියන චාන්ස් එකත් වැඩී… අහලා අහලා තිත්ත වෙනකන් අහලා, පස්සෙන් ඇවිත් මං ගණන් නොගෙන ඉන්නකොට ද්වේශ සිතුවිලි ඉස්මතු වෙලා දෙකේ දෙකේ පොල්ලකින් ගහන්න තියෙන සම්භාවිතාවය වැඩී… කමක් නෑ යන ලෝකෙකට යන්න පිං ගොඩක් එකතු කරගත්තා, ගොඩක් අයට මාර්ගයත් පෙන්වලා දුන්නා…







