ඔන්න ඉතිං අද The Heritage Polonnaruwa එකේ නතරවුණා

by | Feb 13, 2020 | Room

ඔන්න ඉතිං අද The Heritage Polonnaruwa එකේ නතරවුණා

පොළොන්නරුව නගරයේ තිබෙන Best Hotel එකක්… අපේ සමාජසත්කාර පදනමේ පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිළධාරී සුරාජ් මිතුරාගේ තමයි මේ හොටෙල් එක… ඔහු අපේ වැඩසටහන වෙනුවෙන් මේ දින කිහිපයට අපට නවාතැන් සහ අනෙකුත් පහසුකම් සලසනවා. ඊලඟ දින කිහිපයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපි සංචාරය කරන්න බලාපොරොත්තු වෙනවා.

මගේ ගෙදර රූම් එක වගේම නිසා ඔන්න ෆොටෝ ටිකක් ගත්තා… ආ, කලු කොට්ටේ මගේ හොඳේ… කොහෙ ගියත් මං ඒක අරන් යනවනේ…

දැන්නම් Gym එකකට යන්න කාලේ හරි වගේ. ෆොටෝ ටික බැලුවහම තේරේවි. 6 පැක් නෙමේ, බඩ සින්ගල් පැක් එකකට හැදිලා දැන්…. දන්න කෙනෙක් කියන්න ට්‍රැවල් කරන ගමන් බඩ අඩු කරගෙන සික්ස් පැක් හදාගන්න ක්‍රමයක්…

මේ ඒක නෙමේ රු. 100ක් හෝ හැකි මුදලක් පරිත්‍යාග කරන්න කැමතිද හෙට ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ආච්චිලා කිහිප දෙනෙක්ට තෑගි ටිකක් අරන් දෙන්න….

ඔන්න ඔන්න ඉතිං බලලා මාරු වෙන්න යනවා… අර්ථයක් නැති ෆොටෝ ටිකට ලයික් දැම්මා වගේ අර්ථයක් තියෙන පිංකමකට සම්බන්ධ වෙන්නකෝ… පිනක් හරි ලැබෙනවනේ… මැසේජ් එකක් දාන්න පිංකමට සම්බන්ධ වෙන්න කැමතිනම්… නිකන් චැට් කරන්නනම් මැසේජ් දාන්න එපා… වෙලාවක් නෑ මට….

 

0 Comments