ඔන්න ඉතිං ඉසුරු මල්ලි මගේ අසනීප බලන්න අපේ ගෙදර ආවා. කොච්චර වැඩ තිබුණත් එයා යුතුකම් අමතක කලේ නැහැ. අන්න ඒ හින්දයි ඉසුරු මල්ලි හැමදාම මගේ හොඳම යාලුවා වුණේ. මට තෑග්ගකුත් ගෙනාවා. ඒ තමයි පිරිත් නූලක්. මට හැම දේකටම වඩා ඒ ආශිර්වාදය වටිනවා.
උදේ ඉඳන් රෑ වෙනකම් ඔයා මගේ පණ, ජීවිතේ, ඔයාට තමයි මම වැඩිපුරම ආදරේ කීව ගොඩක් අයට ඒ වගේම අපි පණ දුන්න, ජීවිතේ කැපකල ගොඩක් අය අපිව අමතක කලාට, තමන්ගේ යුතුකම් ඉටුකරන්න වෙයි කියලා, අපි කරදරේක වැටුණ වෙලාවක අපිව අමතක කල යාලුවන්ට වඩා ඉසුරු මල්ලි ගොඩක් වටිනවා. මොකද අද වෙනකම් මම එයා වෙනුවෙන් කිසි දෙයක් කලේ නෑ. ඒත් ඒ යාලුකමේ අඩුවක්නම් මම කවදාවත් දැක්කේ නෑ…
ගොඩක් පිං මල්ලි මාව බලන්න ආවට…
ප.ලි : මම ඇඳගෙන හිටියෙනම් වෙන ටී ෂර්ට් එකක්. ඒත් පාට ගැලපෙන්න ඕන නිසා සහ ඡායාරූපය ලස්සන වෙන්න ඕන නිසා මමත් ඇඳුම මාරු කලා.







