ඇත්තටම හෙට ලෝක විනාශය වෙයිද?

by | Dec 21, 2012 | Stories | 0 comments

ඇත්තටම හෙට ලෝක විනාශය වෙයිද?

මම නම් හිතන්නේ නෑ… ස්වභාවික විපත් වෙන එකනම් වළක්වන්න බෑ. ඒත් මාධ්‍ය වලින් ගිය ප‍්‍රචාර නිසා ගොඩක් අය බයවෙලා ඉන්නේ. ඇත්තම කීවොත් අපේ ලොකු අම්මයි, ලොකු තාත්තයි නම් ගොඩක් බයවෙලා ඉන්නේ. එයාලා මැරෙන්න බය නෑ. එයාලා වයසයි. එයාලට බය එයාලගේ දරුවෝ ගැන. අපේ අම්මත් උදේ කතා කරලා කීවා “පුතේ ගෙදර එන්නකෝ හෙට ලෝක විනාශය, ගෙදර ඉන්න, කොළඹ ඉන්නේ නැතුව…” කියලා. මට ගොඩක් දුක හිතුනා.

මගේ ආදරණීය යහළුවනේ ඔබට හෙට තවත් එක් දවසක් වෙන්න පුළුවන්… ඒත් ඔබ ගැන හිතන ආදරණීයන්ට හෙට ලොකු දිනයක්. මේ දවස්වල කාලගුණය නිසා තවත් බය වෙලා ඇති.

ජීවිතයේ එක් දවසක් වත් තමන්ගේ ආදරණීයයන්. තමන්ගේ අම්මා, අප්පච්චි, කිරි අම්මා, අත්තා, අක්කා, අයියා, නංගි, මල්ලී, ඔබේ හොඳම යහළුවා හෝ යෙහෙළිය, ආදරවන්තයා හෝ ආදරවන්තිය වෙනුවෙන් වෙන් කරන්න. එක දවසක් ඒ වෙනුවෙන් කැප කලා කියලා ඔබේ ජීවිතය නවතින්නේ නැහැ. මොකද ඒ අය තමයි ඔබේ ජීවිතයේ ඉතිරි කාලය ලගින් ඉන්නේ මොන විනාශය ආවත්…

යන්න, දැන්ම යන්න තමන්ගේ ආදරණීයයන් ලගට, ඔවුන්ව සනසන්න, “මොන විනාශය වුනත් මං ඔයා ලගින් ඉන්නවාත ඒක නිසා දුක් වෙන්න එපා, මැරෙනවනම් අපි හැමෝම එකට මැරෙමු…” කියන්න.

කතා කරලා කියන්න තමන්ගේ ආදරණීයයන්ට, එයාලව ඔයාට කොච්චර වටිනවාද, “හදිසියේවත් මොනයම් හෝ දෙයකින් හෙට දිනයේදී යම් දෙයක් සිදු වුනොත් මතක තියාගන්න මං ඔයාට ගොඩාක් ආදරෙයි…” කියලා. ඒ වදන් පෙල ඇති ඒ අයට හිත හදාගන්න.

කාට හරි වැරැද්දක් කරලා තියෙනවානම් සමාව ගන්න, කියන්න “හෙට ලෝක විනාශය වුනොත් මට ඔයාගෙන් සමාව ගන්න බෑ. ඒකයි මං ඔයාගෙන් අද සමාව ඉල්ලන්නේ, මගෙන් වුන වැරැද්දට සමාවෙන්න…” කියලා…

බය වෙන්න එපා ලෝක විනාශය වෙන්නේ 2126 ජූනි මාසේ. මං මේ ලෝකෙට ආවේ ඒක කොහොම හරි නවත්වන්න පුළුවන් මොනයම් හෝ තාක්‍ෂණයක් හඳුන්වලා දීලා 2126 වන විට ඒක නිර්මාණය කරවලා ලෝක විනාශය නවත්වන්න. ඒත් ඒ ගැන ඔයාගේ ආදරණීයයන් දන්නේ නැහැනේ. ඒක නිසා යන්න ඔවුන් ලගට. ලෝක විනාශය ගැන මං බලාගන්නම්. මං අවුරුදු 26ක් ඒ වෙනුවෙන් මහන්සි වුනා. තව අවුරුදු 4ක් මං මහන්සි වෙලා ඒකට අවශ්‍ය අදහස නිර්මාණය කරනවා… ඒක නිසා බොරු දේවල් හිතේ තියාගෙන දුක් විඳින්න, වැඩ අතපසු කරගන්න, කලබල වෙන්න එපා… මෙය කියවන ඔබ පොඞ්ඩක් හෝ දැනුම තියෙන කෙනෙක්, ඒත් අපේ අම්මා, අප්පච්චී එහෙම නොවන්න පුළුවන්… ඒක නිසා යන්න ඔවුන් ලගට. ඔවුන්ගේ හිත් සනසන්න…

මගේ අප්පච්චි අද මං ලග නෑ… ඒත් එයා හිටියනම් එයා මට අද කොහොමත් කොළඹ ඉන්න දෙන්නෙම නෑ… ඇවිත් මාව කොහොම හරි එක්ක යයි. අප්පච්චි මට ගොඩාක් ආදරෙයි… මං උස්සපෙළට පංති යනකොට අවුරුදු දෙකක් එයා මාව පංති එකක් ගියා. මගේ යාළුවො ඒක දන්නවා. උදේ 8 ඉඳන් 5 වෙනකම් ක්ලාස් එක ලග හිටගෙන ඉන්නවා මං එනකම්. විශ්වාස කරන්න යාළුවනේ මට වයස 26යි, අදටත් මට තනියම පාර පනින්න බෑ… මොකද අප්පච්චි තමයි මාව ලොකු වෙලත් පාර පැන්නුවේ. කහඉරේ උනත් මං විනාඩි 5ට වැඩිය ඉන්නවා වාහන නැතිවෙනකම්ම. නැත්නම් යාළුවෙක්ගේ අතින් අල්ලගෙන තමයි යන්නේ… එයා හිටියනම් ඇත්තටම එයා හෙට දවස ගැන හොඳටම බයවෙනවා. එයා ඉන්න කාලේ මට මං එයාට කොච්චරක් ආදරේද කියලා කියන්න බැරිවුනා… මං ගොඩක් දුකයි ඒ ගැන… ඔබ ඒ අවස්ථාව අහිමි කරගන්න එපා…

යන්න යහළුවනේ යන්න ඔබගේ ආදරණීයන් ලගට. එක දවසකට…

මම ධනේෂ් මධුරංග. ලග ඉන්න කාලේ අප්පච්චිට කොච්චර ආදරේද කියලා කියගන්න බැරිවුණ අසරණ දරුවෙක්… ඒ උණුහුම නැති දුකෙන් කාලය ගෙවන සංවේදී හදවතක් තියෙන ආදරවන්තයෙක්…

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments