ආච්චිලා සීයලාගේ ආශිර්වාද

by | Aug 7, 2016 | Ashirwadha | 0 comments

ආච්චිලා සීයලාගේ ආශිර්වාද
අද උදෑසන 9ට අපි ආච්චිලා, සීයලා 10 දෙනෙක්ව එක්කගෙන බණ්ඩාරවෙල ගියා. ඒ යසන්ති බණ්ඩාර අක්කාගේ පියාණන්ට පිං පිණිස පිංකමක් කරන්න.
අපි මුලින්ම මේ හැමෝටම කැමති ඇඳුම් තෝරගන්න කීවා. හැමෝම ආසාවෙන් ඇඳුම් ගත්තා. අපි අමතරව හැමෝටම තුවායක් අරන් දුන්නා.
දෙවනුව හැමෝටම බණ්ඩාරවෙල සුපිරි පන්නයේ හෝටලයකින් දහවල් ආහාරය අරන් දුන්නා. හැමෝම ආසාවෙන් කෑම කෑවා.
තෙවනුව හැමෝම එක්කරගෙන මුතියංගනය රජමහා විහාරය වන්දනාමාන කරන්න ගියා. එතනදී හැමෝම නොසෑහෙන්න යසන්ති අක්කාගේ පියාණන්ට පිං දුන්නා..
ආපසු එන ගමන් හාලි ඇලින් සවස තේ අරන් දුන්නා.
ඉන්පසු අපි මේ ආච්චි අම්මලා, සීයලා හැමෝම ගෙවල් වලට ගිහින් ඇරලුවා. ඉතාමත් දුෂ්කර ප්රදේශයක තමා මේ අය ඉන්නේ. අපි සමහර අය බස් එකේ ගිහින් දැම්මා, සමහරක් අය කාර් එකේ. අනේ එක ආච්චි කෙනෙක්ට කාර් එකේ ඉස්සරහ ෂීට් එකට නගින්න කීවහම ෂීට් එකට කකුල තියලා නැග්ගා. පව්. හැමෝම ගෙවල් වලින් බැස්සුවට පස්සේ අයියටයි මටයි ආශිර්වාද කලා. මගේ සුපුරුදු උම්මා ටිකත් ලැබුණා. නැවත වතාවක් යසන්ති අක්කාගේ තාත්තට පිං දුන්නා… මේ ආකාරයට අපි අද මේ පිංකම කලා. අපිට පැය 10ක් ගියා සම්පූර්ණ වැඩසටහනට. හරි සතුටුයි… බොහොම පිං යසන්ති අක්කා…
මේ සිදු කලා වූ පුණ්යකර්මයේ බලයෙන් ඔබ පියාණන් දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක් ලැබීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප සම්පත් තව තවත් වැඩිදියුණු වීමටත්, අවසානයේ අමා මහා නිවන් සුවය අත් කරගැනීමටත් හේතු වාසනා වේවා.
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments