අභිමානී – සවිබල ගැන්වූ කාන්තාව

by | Dec 5, 2017 | Awards | 0 comments

අභිමානී – සවිබල ගැන්වූ කාන්තාව

Abhimani | අභිමානී The Empowered Women of the Year 2017 (Special Award – The Spirited | Executive & Above) – Nilanthi Edirisooriya | MAS Women Go Beyond Program – Part 02

For the Contribution to the society via SamajaSathkara.lk (Fomer B.H. Edirisooriya Community Service Foundation) / සහස්නා ඇපරල් – Sahasna Apparel

නිලන්ති එදිරිසූරිය වන මාගේ සොයුරිය දින කිහිපයකට ඉහතදී පැවැත්වූ MAS Women Go Beyond වැඩසටහනේදී “අභිමානී – සවිබල ගැන්වූ කාන්තාව” – The Empowered Women of the Year 2017 ලෙස සම්මානට පාත්‍ර වූ බව ඉතාමත් සතුටින් දැනුම් දෙමි.

2006 වසරේදී අපගේ පියාණන් වන බී.එච්. එදිරිසූරිය හා එක්ව මාගේ සොයුරියත් මමත් විවිධ වූ සේවාවන් අපගේ ගම වෙනුවෙන් සිදු කළා. ආදරණීය පියාණන්ගේ අභාවයෙන් පසුව මෙම කටයුත්ත මා විසින් තව දුරටත් වැඩි දියුණු කරමින් ලංකාවේ දුෂ්කර ප්‍රදේශ කරා දියත් කිරීම සිදු කළා. එම ගමනේදී සෙවනැල්ලක් සේ අසළින් රැඳෙමින් මා හට නිබඳව සවියක් වූයේ නිලන්ති එදිරිසූරිය වන මැයයි. සොයුරියකගේ සෙනෙහස නොඅඩුව ලබා දෙමින් මාහට මුහුණ දීමට සිදු වූ සෑම ගැටළුවකදීම නිවැරදි මඟ පෙන්වා දෙමින් මා යන ගමනට දිරි දුන්නේ ඇයයි. මනසින් වැටුණ හැම මොහොතකදීම නැවතත් නැගී සිටින්නට අත දුන්නේ ඇයයි.

SamajaSathkara.lk පදනම මේ තාක් ආ ගමන් මඟ දෙස නැවත හැරී බැලීමේදී පසුපසින් හිඳ නොවෙනස්ව සවියක් වෙමින් අසළින් හිඳි පුද්ගලයන් අතුරේ ඇය ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. මා ලැබූ සාර්ථකත්වය තුළ නිහඬ දායකත්වය ලබා දුන් ඇයට අද වන විට ලැබිය යුතු සැබෑම ගෞරවය හිමි වී තිබෙනවා. රැකියාව පවුල් ජීවිතය යන දෙකම සමබර කරගනිමින් සමාජ සේවය උදෙසාද කාලය යෙදවිය හැක්කේ සැබෑ ලෙසටම දිරිය සිතක් ඇති කාන්තාවකටම පමණි. එවන් සිතක් ඈ තුළ තිබූ බව මනා කොට පසක් කරමින් මෙසේ ඈ ගෞරවයට පාත්‍ර වීම සමාජසත්කාර පදනම මෙන්ම සෙනෙහෙබර සොහොයුරෙකු ලෙසින් ධනේෂ් මධුරංග එදිරිසූරිය වන මාද ලැබූ වටිනා ජයග්‍රහණයක් වේ.

Proud of you අක්කා….

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments