ටයර් එක ගන්න තියෙන්නේ කුරුණෑගල විතරයි. ප්‍රොජෙක්ට් ඔක්කොම නවත්වල ආපහු යන්න වෙනවා. මං හිතන්නේ මේ පැත්ත මට අපලයිද කොහෙද. දැන් දෙපාරක් මැදවච්චිය ප්‍රොජෙක්ට් වලට ආවා. මේ දවස් වල මැදවච්චිය ගෙවල් 2ක් සහ වැසිකිළියක් ගොඩනගනවා, පන්සලක අලුත්වැඩියා කටයුතු කරනවා පෝයට පිළිම වහන්සේලා වඩම්මලා පිංකමක් කරන්න. ආව කිසිම දවසක ඒවට යන්න බැරිවුණා.
මේ විදිහට ගියොත් පුණ්‍යභූමි ප්‍රොජෙක්ට් එකත් දිගටම කරගෙන යන එක ටිකක් අමාරු වෙනවා… සති 2කට සැරයක් ටයර් දාන්න වුණා. අපිට විහාරස්ථානය හොයාගෙන යන්න වෙන්නේ ගොඩාක් දුෂ්කර පාරවල් වලනේ. ටයර් එකක් රු.19,500ක් වෙනවා… ඒ මදිවට දවසට රු.4,500ක ෆුල් ටෑන්ක් තෙල් ගහන්න ඕන. නවාතැනක් නොලැබුනොත් හොටෙල් එකක නතර වෙන්න වෙනවා… වියදම් වැඩී….
නොමිළයේ වෙබ් අඩවි වෙනුවට “සේවා ගාස්තුවක්” අය කරන එක තමා පිළියම. කොහොම වුනත් පළමු අදියරේදී පන්සල් වලට පස්සේ නිර්මාණය කරන වෙබ් අඩවි වෙනුවෙන් රු.25,000-50,000ක මුදලක් අය කරන්න බලාපොරොත්තු වෙනවා… මුලු ලංකාවටම නොමිළයේ කරන්න ගියොත් මට බිස්නස් එකක් කරගන්න වෙන්නෙත් නෑනේ…
දැන් ඉතිං ස්පෙයාර් වීල් එක දාගෙන ප්‍රොජෙක්ට් නවත්වලා ආපහු යනවා.








0 Comments