Project එකකට යන්න සූදානම් වෙන්නේ මෙහෙමයි…

by | Apr 10, 2020 | Room

Project එකකට යන්න සූදානම් වෙන්නේ මෙහෙමයි…

මගේ Personal Hair Dresser චතූ මල්ලි (Hair Expert  ) මෙන්න මේ විදිහට එක එක Style මට දාලා බලනවා Outfit එකට match වෙන්නේ කොහොමද කියලා. මොකද වැඩසටහන් වල වැදගත්ම දෙයක් තමා ඡායාරූප. ගොඩක් අය ෆොටෝ වලට ලයික් කරන විදිහෙන්ම පේනවා වඩා උනන්දුවක් දක්වන්නේ කරන යහපත් ක්‍රියාවට වඩා පෙනුම වෙනුවෙන් කියලා. ලැබෙන ලයික් කමෙන්ට් ප්‍රමාණය වැඩි වෙන්නේ ෆොටෝ වල මගේ පෙනුම ලස්සන වෙනකොට. ඉතිං වැඩසටහන් දිගටම පවත්වාගෙන යන්න අවශ්‍ය Awareness එක වෙනුවෙන් මේ විදිහට වෙනස් වෙනස් ෆොටෝ දානවා….

වැඩි පිරිසක් ඒවා ලයික්, කමෙන්ට් කරනකොට වැඩි පිරිසක් ප්‍රොෆයිල් එකට යොමු වෙනවා. 500ක් පෞද්ගලික දේවල් රස විඳිනකොට 50ක් යහපත් දේවල් අගය කරලා ඒවට යොමු වෙනවා. ඒ 50 එක්ක එකතුවෙලා තවත් අයට උදව් කරනව….

මේ දවස් වලනම් කොණ්ඩේ වැද්දෙක්ගේ වගේ… රැවුල පිස්සෙක්ගේ වගේ…. අම්ම විඩෙන් විඩේ ඇවිත් කියනවා “පුතේ ඔය රැවුල කපලා දාන්නකෝ” කියලා….

ඒක නෙමේ ඔය ෆොටෝ DSLR Camera එකෙන් ගත්තේ අපේ අම්මා….

 

0 Comments