2017 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම තරුණ මානුෂීය සහ ස්වේච්ඡා සේවකයා

2017 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම තරුණ මානුෂීය සහ ස්වේච්ඡා සේවකයා

ලොව පුරා රටවල් බොහෝමයක වසරක් පාසාම ක්‍රියාත්මක වන TOYP – Ten Outstanding Young Persons සම්මාන ප්‍රධානෝත්සවය මෙම වසරේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතමයන් ඇගයීම උදෙසා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළදී උත්කර්ෂවත් ලෙස පැවැත්වූවා. එහි මූලික පරමාර්ථය වුයේ සෑම රටක් තුළම සිටින විවිධ වූ අංශ යටතේ තම රට වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරක් කළ විශිෂ්ඨතම තරුණයන් දස දෙනෙක් ඇගයීමට ලක් කිරීමයි.

එහිදී “මානුෂීය සහ ස්වේච්ඡා සේවය” යන කාණ්ඩය යටතේ “2017 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම තරුණ මානුෂීය සහ ස්වේච්ඡා සේවකයා” වශයෙන් මා තේරි පත් උනා. මා සම්මානයට පාත්‍ර වන මොහොතේ මා වටා පවුලේ හැම කෙනෙක්ම අසළින්ම සිටියත් එක්වරම සිහි වූයේ මගේ පියාණන් සහ ෆේස්බුක් මිතුරු මිතුරියන් වන ඔබ සියළු දෙනාවයි. මේ ගමන් මගේ මා හා එක්ව ගමන් කළ ඔබ හැම කෙනෙක් පිළිබඳවම අපමණ වූ සෙනෙහසක් සිතට නැගුණේ සතුටු කඳුළුද සමඟමයි.