ලොකේ වටේ තියෙන දුර වගේ දෙගුණයක දුරක්

by | Sep 26, 2016 | Travel | 0 comments

ලොකේ වටේ තියෙන දුර වගේ දෙගුණයක දුරක්
ලොකේ වටේ තියෙන දුර වගේ දෙගුණයක දුරක් මා වසරකට ශ්රී ලංකාව වටේ යනවා, ඒ මොකකටවත් නෙමේ, අසරණ මිනිසුන් හොයලා ඔවුන් ලඟටම ගිහින් ඔවුන්ගේ දුක බලලා උදව් කරන්න.
මා මේ මගේ තරුණ කාලය කැපකරන්නේ අපේ රටේ අනාගත පරපුර වෙනුවෙනුයි… අසරණ ජනතාව වෙනුවෙනුයි…. මහජන ඡන්දයෙන් පත් කරගන්නා බොහොමයක් දේශපාලනඥයින් මහජනයා වෙනුවෙන් සිදු නොකරන වැඩ කොටසක් ඉටු කිරීමටයි…
ගෙදරක, කාර්යාලයක ගෙවන ජීවිතයක් මට නැහැ. සතියකට දිනක් රැකියාවක නිරතවෙන ගමන් සතියකට දින 6ක් උපරිමය උදෑසන 7 සිට පාන්දර 1 දක්වා මා කාලය ගෙවන්නේ, ආහාර ගන්නේ, සමහර අවස්ථාවලදී නිදාගන්නේද වාහනය තුලයි. දුෂ්කරතා මැද තමා මේ ගමන යන්නේ. පෞද්ගලික ජීවිතයක් කියලා දෙයක් ඇත්තේම නැහැ වගේ. තිබුණත් කලාතුරකින්. නෑදෑයන්, යහලුවන් සමඟ සබඳතා බොහොමයක් අඩුයි. සම්පූර්ණ ජීවිතයම කැපවෙලා, කැපකරලා තියෙන්නේ මේ රටේ අසරණ ජනතාව වෙනුවෙන්. මගේ දැනීමේ හැටියට මේ ආකාරයට ජීවිතයම වාහනයක ගෙවන කෙනෙක් සහ ඒ ගෙවෙන කාලයේ දවසට පැය 18ක උපරිමයක් ෆේස්බුක් රැඳී සිටිමින් එය රටේ යහපැවැත්මට යොදාගන්නා කෙනෙක් වෙන ලංකාවේ නැති තරම්. එහෙම කෙනෙක් ඉන්නවානම් මම ගොඩක් සතුටුයි ඔහුත්/ඇයත් සම්බන්ධ කරගෙන මේ ගමන තවත් ශක්තිමත්ව යන්න.
80,000KM | Annual helping coverage in Sri Lanka
“Distance as twice around the world”
Helping Everyone | Everyday | Everywhere
ඔබ දන්නවාද ? SamajaSathkara.lk යනු ඉතාමත් සීමිත පිරිසකගේ ශ්රම දායකත්වයකින් සහ ලොව පුරා දහස් සංඛ්යාත ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ එකතුවෙන් වසරේ දින 365 පුරා හැම මොහොතකම ශ්රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සංචාරය කර ශ්රී ලංකාවේ වැඩිම පිරිසකට උදව් කරන එකම සමාජ සේවා ආයතනය බව.
Follow the Founder :

Danesh Maduranga Edirisooriya

| ධනේෂ් මධුරංග එදිරිසූරිය (2014-2015-2016 Always Best & the First – සැමවිටම ඉදිරියෙන්)

දේශකීර්ති ශ්රී ලංකාපුත්ර – ගෞරව සම්මාන උපාධිය (ශ්රිමත් අනගාරික ධර්මපාල පදනමේ 46වන සංවත්සරයට සමගාමිව පැවැත්වූ ස්වර්ණ බිම්බ 2016 ගෞරව සම්මාන උපාධි ලිඛිත සංදේශ ප්රධානොත්සවය)
Youth Volunteer of the Year | V-Awards 2015
(වසරේ තරුණ ස්වේච්ඡා සේවකයා)
Social Good Award (Social Media for Social Good) | Mashable/Etisalat Social Media Day 2014
Social Service Award Winner | SUNFO YOUTH CONGRESS, “International Youth Day 2014 Appreciation award for Social Services” Ceremony.
 
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments